කොටස් වෙළෙඳපොළ ඊයේ කලින්ම වසා දමයි

179

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු නියම වෙලාවට පෙර අවසන් කර ඊයේ (06 දා) කොළඹ කොටස් වෙළෙඳපොළ කලින් වසා දැමීමට සිදුවිය.

සාමාන්‍යයෙන් කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසන් කෙරෙන්නේ දවල් 12.30 ට වුවත් ඊයේ (06දා) දවල් 12.10 ට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවා වසා දැමීමට සිදුව තිබේ. මෙයට හේතුව වී ඇත්තේ කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඊයේ පූර්ව ගනුදෙනු දිනයට සාපේක්‍ෂව සියයට 5 ක අගය ඉක්මවා පහළ යෑමයි. මේ අනුව කොටස් වෙළෙඳපොළ අත්හිටුවන අවස්ථාව වන විට එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 132.66 කින් පහළ ගොස් ඒකක 2515.01 ක් ලෙස සටහන්ව තිබිණි. මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්‍ෂව එම දර්ශකය සියයට 5.01 ක පහළ යෑමකි.

පැය භාගයක කාලයක් මෙලෙස ගනුදෙනු අත්හිටුවීම සිදුවන විට වෙලාව ප.ව. 12.10ට වූ බැවින් දවල් 12.30 ට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදුවන කාලය අවසන් වන නිසා නැවත කොටස් වෙළෙඳපොළ විවෘත කිරීමට අවස්ථාවක් නොමැති විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment