කොටස් වෙළෙඳපොළ කඩාවැටේ ඊයේත් ගනුදෙනු අත්හිටුවයි

179

සතියකට අධික කාලයක් ගනුදෙනු සිදු නොකර වසාදමා තිබූ කොටස් වෙළෙඳපොළ ඊයේ (25දා) විශාල ලෙස කඩාවැටීම නිසා ගනුදෙනු අත්හිටුවීමට සහ පසුව ඊයේ දිනට කොටස් වෙළෙඳපොළ වසා දැමීමට සිදුවිය.

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සතියකට පසු ඊයේ උදේ ආරම්භ වුවත් කොටස් වෙළෙඳපොළේ එස්. ඇන්ඩ්. පී. ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දැඩි පසුබෑමකට ලක්වීම නිසා ගනුදෙනු ආරම්භ වී විනාඩියක් ඇතුළත කොටස් ගනුදෙනු විනාඩි 30ක කාලයකට තාවකාලිකව අත්හිටුවන ලදී.

නැවත කොටස් ගනුදෙනු උදේ 11.00ට ආරම්භ විය. එහෙත් අපේක්‍ෂිත ගනුදෙනු වර්ධනය නොවීම සහ එස්. ඇන්ඩ්. පී. ශ්‍රී ලංකා 20 මිල දර්ශකය පෙර ගනුදෙනු දිනට සාපේක්‍ෂව සියයට 10 කට අධික ප්‍රමාණයකින් පහත වැටීම නිසා ඊයේ දිනට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නවතා දැමීමට බලධාරීන්ට සිදුවිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment