කොටස් වෙළෙඳපොළ දෙවරක් මග හිටියි

157

කොළඹ කොටස් වෙළඳපොළේ සිදුවූ සැලකිය යුතු පසුබෑමක් හේතුවෙන් ඊයේ (23 දා) දිනයේ පැය භාගය බැගින් දෙවරක් දෛනික කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් හුවමාරුවට සිදුවිය.

මේ අනුව මුලින්ම ඊයේ පෙ.ව. 11.17 ට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු විනාඩි 30 කට අත්හිටුවනු ලැබීය. එයට හේතුව වූයේ පෙර ගනුදෙනු දිනයට සාපේක්ෂව එස්්ඇන්ඞ් පී ශී‍්‍ර ලංකා 20 දර්ශකය සියයට 5 ක් ඉක්්මවා පහළ යෑමයි. ඒ වනවිට එම දර්ශකය ඒකක 208.96 දක්වා පහළ ගොස් තිබිණි. ඉන්පසු නැවතත් ඊයේ දවල් 12.13 ට කොටස් වෙළෙඳපළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබීය. එයට හේතුව වූයේ පෙර දිනයට සාපේක්ෂව එස්ඇන්ඞ්පී ශී‍්‍ර ලංකා 20 දර්ශකය සියයට 7.5 ක ප‍්‍රමාණයකින් පහළ යෑමයි. ඉන්පසු කොළඹ කොටස් හුවමාරුව නැවත සවස 12.43 ට ආරම්භ විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment