කොටස් වෙළෙඳපොළ පිම්මක් පනියි

118

නව වාර්තාවක් තබමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එහි සමස්ත මිල දර්ශකය ඊයේ (01) ඒකක 9000 සීමාව ඉක්මවා ගියේය.

මේ අනුව ඊයේ දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ සමස්ත මිල දර්ශකය ඒකක 9163.13 ක් දක්වා ඉහළ ගියේය.

එය පෙරේදා (31) දිනට සාපේක්‍ෂව ඒකක 165.53 කින් හෙවත් සමස්ත කොටස් මිල දර්ශකය සියයට 1.84 කින් වර්ධනය වීමකි.

පෙරේදා (31) දින කොටස් වෙළෙඳපොළ සමස්ත මිල දර්ශකය ඒකක 8997.60 ක් විය. එසේම ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 14.56 ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment