කොටස් වෙළෙඳපොළ විනාඩි දෙකෙන් නවතියි

245

කොළඹ කොටස් වෙළෙඳපොළේ ඊයේ (4දා) දිනයේදී සිදුවූ විශාල පසුබෑම නිසා එහි දෛනික ගනුදෙනු ආරම්භ වී විනාඩි දෙකක් ඇතුළත ගනුදෙනු අත්හිටුවීමට සිදුවිය.

මේ අනුව ඊයේ පෙ.ව. 10.30ට ආරම්භ වූ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පෙ.ව. 10.32ට අත්හිටුවන ලදි. එස්.ඇන්ඞ්.පී. ශී‍්‍ර ලංකා 20 දර්ශකය පෙර දිනයට සාපේක්‍ෂව සියයට 5ක අගය ඉක්මවා පහත වැටීම මෙයට හේතුවයි. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු 10.32ට අත්හිටුවා නැවත කොටස් ගනුදෙනු සඳහා පෙ.ව. 11.02ට විවෘත වුවද එවරද කොටස් ගනුදෙනු මිනිත්තුවක කාලයකට පමණක් සීමා විය. මේ තත්ත්වයට හේතු වූයේ පෙර දිනයට සාපේක්‍ෂව එස් ඇන්ඞ් පී ශී‍්‍ර ලංකා 20 මිල දර්ශකය සියයට 7.5කට වැඩි අගයකින් පහත වැටීමයි.

කොටස් වෙළෙඳපොළ නැවත වතාවක් ගනුදෙනු සඳහා පෙ.ව. 11.33ට විවෘත විය. ඉන්පසු කොටස් වෙළෙඳපොළ ප.ව. 12.30 දක්වා කි‍්‍රයාත්මක විය. මේ අනුව ඊයේ දිනයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 226.88කින් පහත වැටී ඒකක 8244.55 දක්වා ද එස්.ඇන්ඞ්.පී. ශී‍්‍ර ලංකා 20 දර්ශකය ඒකක 41.96කින් පහත වැටී ඒකක 2788.97 දක්වාද පසුබෑමට ලක්ව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment