කොටස් වෙළෙඳ පොළේ විදෙස් ආයෝජන ඉහළ යයි

138

මේ සතියේ මුල් දින තුනේ කොළඹ කොටස් වෙළෙඳ පොළේ කොටස් සඳහා විදේශීය ආයෝජන සැලකිය යුතු ලෙස ඉහළ ගොස්, ඔවුන්ගේ කොටස් විකිණීම් අඩුවී ඇතැයි වාර්තා වේ.

මේ අනුව මේ සතියේ මුල් දින තුනේදී රු. මිලියන 906 ක පමණ විදේශීය ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළට ගලාගෙන පැමිණ තිබේ.

ඒ සමඟම විදේශ ආයෝජන ශ්‍රී ලංකාවට ගලා එනු ඇති බව තීරණය කළ හැකි බව කොටස් වෙළෙඳ පොළ ආරංචි මාර්ග කියයි.

පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කළ විශාල පිරිසක් තම ආයෝජන අලෙවි කර තම මුදල් කොටස් වෙළෙඳ පොළෙන් ඉවත් කරගෙන ගොස් තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment