කොටස් වෙළෙඳ පොළ කඩාවැටේ

165

කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනික ගනුදෙනු ඊයේ (03දා) පස්වරු 12.04 ට අත්හිටුවනු ලැබීය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය සියයට 5ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම මීට හේතුවයි.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියමයන් ප්‍රකාරව එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය පෙර ගනුදෙනු දිනයට වඩා සියයට 5 ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගියහොත් මිනිත්තු 30ක කාලයක් සඳහා දෛනික ගනුදෙනු අත්හිටුවනු ඇත.

ඒ අනුව ඊයේ පස්වරු 12.04 ට ගනුදෙනු අත්හිටුවනු ලැබූ අතර සාමාන්‍ය කොටස් වෙළෙඳ පොළ වසනු ලබන වේලාව වන පස්වරු 12.30 ට පෙර නැවත වරක් ගනුදෙනු ආරම්භ කිරීමට අවකාශයක් නොමැති බැවින් අද දිනයේ ගනුදෙනු සමාප්තිය මේ සමග සටහන් කෙරිණි.

එම අවස්ථාවේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.63 කින් පහළ ගොස් ඒකක 9,551.44 ක් ලෙසත් එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා දර්ශකය ඒකක 156.02 කින් පහළ ගොස් ඒකක 3,009.31 ක් ලෙසත් වාර්තා වී තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment