කොටස් වෙළෙඳ පොළ දින පහකට වසයි

79

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18 දා) දින සිට ව්‍යාපාරික දින පහක කාලයක් සඳහා තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ’

කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් රටේ වත්මන් තත්ත්වය සඳහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ තාවකාලිකව වසා දමන ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමෙන් කරනලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ කොටස් වෙළෙඳ පොළ දින පහක් වසා තැබීමේ තීරණය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් කොළඹ කොටස් හුවමාරුවට දැනුම්දී ඇත’

කොළඹ කොටස් හුවමාරුව ඇතුළු තවත් පාර්ශ්වයන් විසින් කරනලද ඉල්ලීම් හොඳින් සලකා බලා රටේ වර්තමාන තත්ත්වය කොළඹ කොටස් වෙළෙඳ පොළට ඇති කළ හැකි බලපෑම සහ සුරැකුම්පත් වෙළෙඳාම සඳහා විධිමත් හා සාධාරණ වෙළෙඳ පොළක් පවත්වාගෙන යෑමේ හැකියාවද ඇගයීමට ලක්කරමින් මේ තීරණය ගෙන තිබේ’

විශේෂයෙන් ආයෝජකයන්ට මෙන්ම කොටස් වෙළෙඳ පොළේ අනෙකුත් පාර්ශ්වයන්ටද දැනුවත් ආයෝජන තීරණ ගැනීම සඳහා දැනට පවතින ආර්ථික තත්ත්වයන් පිළිබඳව වඩාත් පැහැදිලි බවක් සහ අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලබා දෙන්නේ නම් එය ඔවුන්ගේ යහපතට හේතුවනු ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අදහස වී තිබේ’

මේ අනුව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ විධිවිධාන අනුව මෙසේ කොටස් වෙළෙඳ පොළ ව්‍යාපාරික දින පහක් සඳහා තාවකාලිකව වසා දමන ලෙස කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණය කර ඇත’

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment