කොට්ට මාරු කළාට ඔලුවෙ අමාරුව හොඳ වෙන්නෑ-රුවන්

314

වෛද්‍ය විශේෂඥයින් රට වහන්න කියා ඉල්ලද්දි සෞඛ්‍ය ඇමැති ධුරය මාරු කිරීම පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ වැඩක් යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පැවසීය.

ඔලුවෙ අමාරුවට කොට්ට මාරු කළා කියලා ලෙඩේ සනීප වෙන්නේ නෑ වගේම ඇමතිවරු මාරු කරා කියලා කොවිඩ් නවතින්නේ නැතැයිද විජේවර්ධන මහතා අද (18දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීය.

”එක් රෝගියෙක් හමු වූ පමණින් නවසීලන්තය රට දින 03කට වැහුවාගඅපි දිනකට රෝගීන් 3000 කට වඩා වාර්තා වෙද්දීත් දෛනික ආදායම් ලබන්නන් ගැන කියමින් රට ඇරගෙන ඉන්නවාගදෛනික ආදායම් ලබන්නන් ගැන බලන්න තමයි ආණ්ඩුවක් ඉන්නෙ’රට පුරාම වෙළඳ සංගම් නගර වසා තමන්ගේ යුතුකම් ඉටු කරද්දි ආණ්ඩුව මුකුත් නොවුණා සේ බලාගෙන ඉන්නවාගඒකෙන්ම මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් බවට ඔප්පු කරමින් සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment