කොට්‌ටුකච්චිය කොස්‌තාපල් යටකර මරාදමා වාහනය පළා ගිහින් – වාහනය සොයා ගැනීමට පමාව ගැන ඥාතීන්ට සැකයක්

971

රාජකාරි නිමකර නිවස බලා ගමන් කරමින් සිටියදී වාහනයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ පොලිස් කොස්තාපල්වරයකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

ඉකුත් 1 වෙනි දින රාත‍්‍රියේ මෙම අනතුර සිදුව තිබේ.

කොට්‌ටුකච්චිය කොස්‌තාපල් යටකර මරාදමා වාහනය පළා ගිහින්  - වාහනය සොයා ගැනීමට පමාව ගැන ඥාතීන්ට සැකයක්

මෙසේ මරණයට පත්ව ඇත්තේ කොළඹ තොරතුරු තාක්ෂණ කොට්ඨාසයට අනුයුක්තව අනුරාධපුර උප ඒකකයේ සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 87769 වීරසිංහ ආරච්චිගේ ශෂී ගයාෂාන් නමැති 30 හැවිරිදි කොට්ටුකච්චිය මැල්ලන්කුලම පදිංචි එක්දරු පියෙකි.

කොට්‌ටුකච්චිය කොස්‌තාපල් යටකර මරාදමා වාහනය පළා ගිහින්  - වාහනය සොයා ගැනීමට පමාව ගැන ඥාතීන්ට සැකයක්

අදාළ පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර සිට සේවය නිමවී කොට්ටුකච්චියේ නිවසට පැමිණෙමින් සිටියදී නාවික හමුදා ක`දවුර ආසන්නයේදී කිසියම් වාහනයක ගැටී බරපතළ ලෙස තුවාල ලබා සිටියදී මාර්ගයේ ගමන් කළ ලොරි රථයක නංවා රෝහල් ගත කර ඇත.

කෙසේ නමුත් පවුලේ ඥාතීන් පවසන්නේ 1 දින රාත‍්‍රියේ පොලිස් කොස්තාපල්වරයා අනතුරට ලක්වු වාහනය දින තුනක් යනතුරුත් සොයා ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බවයි. ඥාතීන් පවසන්නේ මෙම කොස්තාපල්වරයා ගැටී ඇති වාහනය එම ස්ථානයෙන් ඉවත් කර ඇතිද එසේ නැතිනම් එය රහසේම පලා ගොස් ඇතිද යන්න ගැටලූ සහගත බවයි.

කෙසේ නමුත් පුත්තලම පොලිසිය පවසන්නේ අනතුරට සම්බන්ධ වාහනය සොයා පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මරණයට පත් පොලිස් කොස්තාපල්වරයා පොලිස් සේවයට එක්වී වසර 11 ක් වන අතර ඔහු ජනාධිපති ආරක්ෂක අංශයේ හා යාපනය පොලිස්ථානයේ ද සේවය කර තිබේ.

ඔහුගේ බිරි`ද පුත්තලම මුලික රෝහලේ හෙදියක් වන අතර ඔවුන්ට වයස අවුරුද්දක පමණ දියණියක් සිටී. පුත්තලම මුලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතා පවසා සිටියේ අනතුර සම්බන්ධව මේ වන විට සීසීටීවී කැමරා වල සටහන් දර්ශන නිරීක්ෂණය කර සොයා ගැනීමට කටයුතු කරන බවයි.

අමරනන්ද විජේසේකර මහවැව
 

advertistmentadvertistment
advertistmentadvertistment