කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රා. සභාවේ සභාපති අභාවප‍්‍රාප්ත වේ

769

කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා අභාවප‍්‍රාප්ත විය. මියයන විට 45 වැනි වියෙහි පසුවූ ඒ මහතා මාස දෙකක පමණ කාලයක් රෝගාතුර වී රෝහල්ගත වී සිටියේය. කොවිඞ් 19 රෝගය හේතුවෙන් අයි.ඞී.එච්. මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොවිඞ් රෝගය සුව වීමෙන් පසුව වෙනත් රෝගාබාධ හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී. කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඊයේ (28 දා* සවස අභාවප‍්‍රාප්ත විය. ඒ මහතා දරුවන් දෙදෙනකුගේ පියෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment