කොටින්ගේ විදෙස් ගිණුම් වසර 13කට පසු මුම්බායි බැංකුවකින් මතු වෙයි  

294

වසර 13 කට පසු කොටි ජාත්‍යන්තර ජාලයේ විදේශ බැංකු ගිණුම් මුම්බායිහි විදේශ බැංකුවක තිබී ඉන්දීය ජාතික බුද්ධි අංශය විසින් සොයා ගෙන ඇත.

කැනඩාවේ පදිංචිව සිටින කොටි ජාත්‍යන්තර ජාලයේ කි‍්‍රයාකාරිනියක් වූ මේරි ප‍්‍රැන්සිස්කු එම බැංකුවෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කරන අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමෙන් මෙම ගිණුම් පිළිබඳව හෙළි වී තිබේ.

මෙම බැංකු ගිණුම්වලින් මුදල් ගැනීමට බලය ඇති කොටි මූල්‍ය අංශයේ දෙදෙනා ස්විස්ටර්ලන්තයේ සහ ඩෙන්මාර්ක් නුවර සිටින බව ද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොවුන් පිළිබඳව විමර්ශනය කිරීමට ඉන්දීය බුද්ධි අංශය ඉන්ටර්පෝල් පොලිසියේ සහාය පතා තිබේ.

පසුගිය වසර 13 තුළ මෙම ගිණුම්වලින් මුදල් ගැනීමට කිසිවකු උත්සාහ කර නොතිබුණි. ඉන්දීය ජාතික බුද්ධි අංශය හෙළි කළේ මුම්බායි ඕවර්සීස් බැංකුවේ මෙම ගිණුම් තිබූ බවයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment