කොටින්ට ඩොලර් දුන් රාජ් රාජරත්නම් ගෙන්වීම දේශපාලකයකුගේ වැඩක්

390

කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීමට ඩොලර් මිලියන පහක් සැපයූ ඇමරිකානු කෝටිපති රාජ් රාජරත්නම්ව යාපනයට ගෙන්වා ඇත්තේ උතුරේ දේශපාලකයකු බව අනාවරණය වී ඇත.

කළු සල්ලි ජාවාරම නිසා වසර 11 ක් සිරගතව සිටි රාජ්රාජරත්නම් සිරෙන් නිදහස්වී තිබේ. ඔහුගේ වත්කම ඩොලර් මිලියන 1.3 ක් වේ.

කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ සිසුන් පස්දෙනකුගේ මරණය, නෝලිමිට් බෝම්බ පිපිරීම ඇතුළු 30 කගේ ඝාතන ගැන රාජ්රාජරත්නම්ට එරෙහිව 30 දෙනකු පැවරූ නඩුව ඇමරිකානු බෘක්ලයින් අධිකරණය හමුවේ ගොනුවී ඇතැයි නීතිවේදී මයිකල් එල්පනර් පැවසීය.

හොර රහසේම යාපනයට පැමිණි රාජ්රාජරත්නම් යාපනය රෝහලට අරමුදල් සැපයීම සඳහා එහි නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment