කොටියා මැරුණේ ගහට යටවී නොවෙයි: අවසන් වාර්තාවෙන් කියයි

165

කඳුකර කොටි ආරක්‍ෂා කර ගන්න නිර්දේශ 25 ක්

පසුගිය 07 වැනිදා සමර්හිල් වතුයායේ දී මද්දකට හසුවූ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට වනජීවී නිලධාරීන් උත්සාහ දරා ඇති බවත් කම්බියකින් සැකසූ මද්දට හසුවී උස ගසක පහතට පැය ගණනක් තිස්සේ එල්ලී සිටීම නිසා සිරුර අභ්‍යන්තරයේ ඉන්ද්‍රියයන්ට සිදු වූ හානිය නිසා ඌ මරණයට පත් ව ඇති බවත් කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම කොටියා ගසට යටවී නොමැති බව සිදු කළ විමර්ශනවල දී අනාවරණය වූ බවත් කමිටුව සඳහන් කරයි.

කෙසේ වුවද කොටියා බේරා ගැනීම සඳහා ගස කපා දැමීම අනුමත නොකරන බවත් මෙවැනි දුෂ්කර ස්ථානයක අනතුරට ලක්ව සිටින සතකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා අවම පහසුකම් යටතේ අන් විකල්පයක් නොමැති බවත් සඳහන් කර ඇති එම කමිටුව දුෂ්කරතා රැසක් මධ්‍යයයේ කොටියාගේ ජීවිතය බේරා ගැනීමට අදාළ නිලධාරින් උත්සාහ දරා ඇති බවත් කෙසේ වෙතත් එම නිලධාරීන්ට තරයේ අවවාද කළ යුතු බවත් කමිටුව පවසයි.

මෙම අවසන් වාර්තාව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා වෙත අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් පසුගියදා භාරදී තිබේ.

එම අවස්ථාවට සිද්ධිය සම්බන්ධව විමර්ශනය සඳහා පත් කළ කමිටුවට අයත් අතිරේක ලේකම් එච්. ඩී. රත්නායක, සෞඛ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ තාරක ප්‍රසාද්, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ එච්. ඒ. අනෝමා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

කඳුකර කොටියාගේ මරණය සම්බන්ධව විමර්ශනය කළ කමිටුව විසින් කඳුකර කොටි ගහනය ආරක්ෂා කර ගැනීම සම්බන්ධව නිර්දේශ 25ක් ද මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment