කොටි අරමුදල් රැස්කළ හතරකට ජර්මන් උසාවියකින් සිරදඬුවම්

162

වසර 13 කට පසු ජර්මනියේ ඩසල්ඩෝප් අධිකරණය කොටි අරමුදල් එකතු කරන්නන් සිව්දෙනෙකුට වසර 1යි මාස 9 බැගින් සිරදඬුවම් නියම කර ඇත.

මොවුන් ජර්මනියේ ද්‍රවිඩ ජනතාව බියගන්වා යුරෝ දසලක්‍ෂයක මුදලක් එකතු කර තිබේ.

ජර්මානු කොටි හිතවාදී සංවිධාන මෙම කොටි ක්‍රියාකාරීන් සිව්දෙනා බේරාගැනීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ වී ඇත.

ජර්මනියේ සෙයිටුන් පුවත්පත මේ තොරතුරු හෙළිකර ඇති අතර මෙයට පෙර හිටපු විදේශ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතකයාද ජර්මනියේදී අසුවිය.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment