කොටි ජාත්‍යන්තරයට අවි සැපයීමට සැලසුම් කළ ජපන් “යකුසා” කල්ලි නායකයා

1086

● ශ්‍රී ලංකාවට ඩොලර් අඩු වුණේ ද්‍රවිඩ ජන සංහාරය සහ
උතුර මිලිටරිකරණය කිරීම නිසා යැයි කොටි ඩයස්පෝරාව පවසයි

● සිංහලයන් එකිනෙකා සටන් වදිනවා – ඇමරිකානු මහාචාර්ය ගීතා පොන්කාලන්

ගැරී ආනන්ද සංගරී කොටි හිතවාදියෙකි. පසුගිය වර්ෂ කීපය මුළුල්ලේ ඔහු කැනඩාවේ සිට කොටි හිතවාදීන් ජිනිවා මානව හිමිකම් සමුළුවට ගෙන අවුත් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට එරෙහිව සාවද්‍ය ප්‍රකාශ ඉදිරිපත් කරනු ලැබීය. යහපාලන රජය මේ ශ්‍රී ලංකා විරෝධියාට උතුරට පැමිණ හිටපු කොටි හිතවාදීන් හමුවීමට ඉඩ දුන්නේය. යාපනයේදී මොහු පැවසුවේ වන්නි මෙහෙයුමට සම්බන්ධ හමුදා ප්‍රධානීන් යුද අපරාධ සිදුකර ඇති නිසා ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතු බවයි.

එහෙත් කැනඩා රජය තරහ වනු ඇතැයි සිතා යහපාලන රජය ඔහුව පිටුවහල් කළේ නැත. ශ්‍රී ලංකාව තුළ විරෝධතා ඇතිවන සමයේ ගැරී එරට පාර්ලිමේන්තුව අමතමින් මෙලෙස කියා සිටියේය.

“ශ්‍රී ලංකාවේ හමුදාව ජන සංහාරයක යෙදුනා. හමුදාවේ කටයුතු සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමට ක්‍රියා නොකළ යුතුයි. රජය ද්‍රවිඩ ජනතාවට ස්වයං පාලනය ලබාදී නැහැ. හමුදාව ජාත්‍යන්තර අපරාධ කරලා තිබෙනවා. අල්ලාගෙන ඇති ද්‍රවිඩ ඉඩම් ආපසු ලබාදිය යුතුයි. ත්‍රස්ත මර්දන පනත අහෝසි කර නැහැ.

එහෙත් කැනඩාවේ නව ශ්‍රී ලංකා තානාපති හර්ෂ කුමාර නවරත්න ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ගැරී ආනන්ද සංගරී කවුද? ඔහු කාගේ කවුද? කැනඩාවට පැනලා ගියේ මන්ද යන්න සහ කැනඩාව තුළ ඔහුගේ ක්‍රියාමාර්ගය කුමක්ද යැයි ප්‍රකාශයක් කිරීමට නවරත්න නමැත්තා ඉදිරිපත් වූයේ නැත.

කොටි ජාත්‍යන්තරයට අවි සැපයීමට සැලසුම් කළ ජපන් “යකුසා” කල්ලි නායකයා

ඒ වනවිට කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද රජයට එරෙහි විරෝධතාවක් දක්වා තිබිණි. එහෙත් විජේ තනබාලසිංගම් නමැති කොටි හිතවාදියා ඔන්ටාරියෝ ප්‍රාන්ත රජය ලවා ශ්‍රී ලංකාවට එරෙහි ද්‍රවිඩ ජන සංහාර සතිය නමැති යෝජනාව සම්මත කර ගනිද්දී කැනඩාවේ සිටින පාර්ශ්ව බිහිරන් සේ ක්‍රියාකළේය.

මේ පසුබිම මැද ගැරී ආනන්ද සංගරී කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝගේ අතිජාත සගයා නිසා ශ්‍රී ලංකාවට එරෙහිව සෑම සතුරුකමක්ම කළේය.

කැනඩාවේ ගෝත්‍රික කාන්තාවන් ජන සංහාරයකට ලක්වී තිබියදී ඒ ගැන ප්‍රකාශ කිරීමට කැනඩාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා ක්‍රියා කළේ නැත.

එසේම කැනඩාවේ ට්‍රක්රථ රියැදුරන්ගේ විරෝධතාවය අගමැති ටෘඩෝ දැඩි නීතිරීති පනවා මර්දනය කරනු ලැබීය.

මේ හැර මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන්, හමුදා නායකයන්, බෝම්බ නිෂ්පාදකයන් පමණක් නොව කොටි ජාත්‍යන්තර ආයුධ ජාලයේ ප්‍රධානී රවි ශංකර් හෙවත් සංගිලිට පවා දේශපාලන රැකවරණ දීමට අගමැති ටෘඩෝ කටයුතු කළේය. පසුගියදා කැනඩා ත්‍රස්තමර්දන ඒකකයට සෂි කුමාර් සහ මහෙන්ද්‍රන් නමැති කොටි දෙදෙනා හසුවිය. මින් සෂි කුමාර් බෝම්බ නිෂ්පාදකයෙකි. ඔහු ඉදිරිපත් කළ දේශපාලන රැකවරණ අයැදුම්පතෙන් පැටිකිරිය අනාවරණය විය.

ආගමන විගමන බලධාරීන් පැවැත්වූ නඩු විභාගයේදී ඔහු මෙලෙස පවසනු ලැබීය.

“ශ්‍රී ලංකාවේ හමුදා සෙබළුන් මරා දැමීමේ අවස්ථාවකට මමත් සහභාගි වුණා. එම ප්‍රකාශය පිළිබඳව නිලධාරීන් ප්‍රශ්න කළේ ඝාතනය කළ සෙබළුන්ගේ සිරුරු වළ දැමුවේ කුමන ස්ථානයක දැයි යන්නයි.

එහෙත් සෂි කුමාර්ගේ නීතිවේදී චාල්ස් ග්‍රේ ඊට එරෙහි විය. එම රහසිගත තොරතුරු හෙළි වූවොත් කැනඩා දේශසීමා ඒජන්සිය සෂි කුමාර්ට යුද අපරාධ චෝදනා එල්ල කරනු ඇතැයි හෙතෙම කියා සිටියේය.

හමුදා සෙබළුන් මරා දමන අවස්ථාවේ තමා අත ඒ.කේ. 47 ප්‍රහාරක අවියක් තිබූ බව ද සෂි කුමාර් පිළිගත්තේය.

ගැරී ආනන්ද සංගරී ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අවස්ථාවේ කොටි යුද අපරාධකරුවන් කැනඩාවේ සිටින බවට සාක්ෂිය සෂි කුමාර් කනපතිපිල්ලෙයි වේ. කැනඩා පොලිසියේ සාක්ෂිකරුවකු වෙමින් සෂි කුමාර් තවදුරටත් මෙලෙස පැවසීය. බෝම්බ නිෂ්පාදනයට මා අනතුරුදායක රසායනික ද්‍රව්‍ය භාවිතා කළා.

එසේම සෂි කුමාර් සමග සිටි අනිත් කොටි ත්‍රස්තයා වූ නඩරාජා මහෙන්ද්‍රන් ද කැනඩා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

එහෙත් යහපාලන රජය හෝ වත්මන් විදේශ කටයුතු බලධාරීන් හෝ ශ්‍රී ලංකා තානාපති කොටි යුද අපරාධකරුවන් කැනඩාවේ සිටින බවට ගැරී ආනන්ද සංගරී හමුවේ අභියෝග කිරීමට ක්‍රියාකළේ නැත.

ශ්‍රී ලංකා රජය මෙරට සිටින කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකෙන්සි අමතා අපේ සෙබළුන් මැරූ කොටි යුද අපරාධකරුවන් කැනඩාවේ සිටින බවට ප්‍රශ්න කිරීමට ද ඉදිරිපත් නොවුණි.

මේ හැර කොටි ආයුධ ජාලයේ ප්‍රධානී රවි ශංකර් සහ ඔහුගේ බිරිය සහ නැගණියට ද ටෘඩෝ රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත. කැනඩාවේ සී. ටී. වී. රූපවාහිනිය ඇමතු පෝල් කෙප්ලන්ඩ් මෙලෙස දක්වා ඇත.

රවි ශංකර් කැනඩා පුරවැසියෙක්. ඔහුට ඉන්ටර්පෝල් වරෙන්තුවක් නැහැ. කැනඩා රජය ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්නේ නැහැ.

රවි ශංකර්ගේ නීතිවේදියා මෙලෙස පැවසීමට පෙර හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරගේ උපදෙස් මත කොටි 144 කගේ දුටු තැන අල්ලනු ඉන්ටර්පෝල් නාම ලේඛනය යහපාලන රජය අහෝසි කර තිබිණි.

මේ ද්‍රෝහි ක්‍රියා ජනතාවට අමතක වී තිබේ. පසුගිය කාලය තුළ යහපාලන රජය දියත් කළ මෙහෙයුම් බොහෝ පාර්ශ්ව දන්නේ නැත.

මේ පසුබිම මැද කැනඩාව අද ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව කොටි බෝම්බකරුවන්ට සහය වේ. එසේම සී – 4 පුපුරණ ද්‍රව්‍ය සැපයූවෝ තවදුරටත් උතුරේ සිටිති.

කිලෝ 1000ක් පුපුරණ ද්‍රව්‍ය සැපයු රවි ශංකර් කැනඩාවේ සිටින බව හෙළි කළේ එරට සී. ටී. වී. රූපවාහිනියේ තමාරා චෙරි නමැති මාධ්‍යවේදිනියයි.

වැල්වැටිතුරේ පදිංචිකරුවකු වූ රවි ශංකර්ට වවුනියා මහාධිකරණය වසර 30ක සිරදඬුවමක් නියම කර තිබිණි.

එහෙත් ගැරී ආනන්ද සංගරී කැනඩාවේ සිටින කොටි යුද අපරාධකරුවන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඉඩ දෙන්නේ නැත.

මේ තත්ත්වය මත කැනඩාවේ ස්කාබරෝහි මන්ත්‍රී ලෙස කටයුතු කරන ගැරී ආනන්ද සංගරී කැනඩා පුරවැසියකු නිසා ඔහුට ශ්‍රී ලංකාව ගැන කතා කිරීමට ඇති අයිතිය ගැන ද වත්මන් විදේශ කටයුතු බලධාරීන් ද කැනඩා මහ කොමසාරිස් මැකෙන්සිගෙන් ප්‍රශ්න කරන්නේ නැත.

මේ අතර ජර්මනියේ පුරවැසියකු වූ රංජිත් හෙන්නායක ලොහ්බිලර් හෙවත් බඩල්ගම බර්ටි ඔස්ට්‍රේලියානු පුරවැසියන් වූ කුමාර් ගුණරත්නම් සහ ලයනල් බෝපගේ මෙරට අභ්‍යන්තර කටයුතුවලට සෘජුව මැදිහත් වී ඇත.

බෝපගේ නමැත්තා 1971 කැරැල්ලේ සැකකරුවෙකි. බි්‍රතාන්‍යයේ ගෝලීය ද්‍රවිඩ සංසදය ඔස්ට්‍රේලියාවේ පැවැත්වූ සමුළුවකට බෝපගේ ද සහභාගි විය. ඊට අමතරව බොරු මර්දන තර්ජන පෙන්නුම් කර ස්විස්ටර්ලන්තයට පැන ගොස් එරට බදු ගෙවන ජනතාවගේ මුදලින් පිං පඩි ලබන සුනන්ද දේශප්‍රිය හෙවත් 71 කැරැල්ලේ රංජි මල්ලි නමැත්තා ද ශ්‍රී ලංකාවට එරෙහිව වට්ස් ඇප් ඔස්සේ මෙහෙයුමක නිරත වී සිටී. මෙලෙස ශ්‍රී ලංකාවේ සිටින ද්විත්ව පුරවැසියන්ට දේශපාලන කටයුතුවල යෙදීම තහනම් වුවත් එම නීතිරීති උල්ලංඝනය කරමින් ඔවුහු ක්‍රියා කරති.

එසේම බඩල්ගම බර්ටිගේ අතීතය දන්නා පාර්ශ්ව අදටත් සිටිති. ට්‍රාන්ස්පෝමර් විනාශ කිරීම, බස් රථවලට ගිනි තැබීම ඇතුළු අපරාධකාරි ක්‍රියා සිදුකළ මොහු ලන්ඩන් නුවර සිට විකාශනය වන මඩ වෙබ් අඩවියක උපදේශකවරයෙකි. ජර්මනියේ ග්‍රීන් පක්ෂයේ මන්ත්‍රීවරියක් වූ බාබරා ලොහ්බිලර් සමග විවාහ වී සිටින මොහු තම අතීතය වසන් කිරීමට දැරූ උත්සාහයත් අසාර්ථක වී ඇත.

ඔහු ජර්මනියේ විදේශ ජාත්‍යන්තර සංසදය නමින් සංවිධානයක් පිහිටුවා ගෙන ඇති අතර එහි සිවුදෙනකු සිටියි.

මෙයට සමගාමීව ලයනල් බෝපගේ නමැත්තා ව්‍යාජ සංවිධාන තුනක් පිහිටුවා ඇත. වොයිස් ෆෝ ඩිමොක්‍රාසි ඉන් ශ්‍රී ලංකා – ඉන්ටර්නැෂනල් කලෙක්සිටි – වොයිස් ෆෝ ජස්ටිස් ඉන් ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියන් ඇඩ්වෝකසි ෆෝ ගුඩ් ගවර්න්ස් ඉන්කෝපරේෂන් යනුවෙන් එම සංවිධාන නම් කර තිබේ.

පසුගිය අප්‍රේල් 6 වැනිදා මොහු නිවේදනයක් ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ව පවා නියෝජනය කරන බවයි. එහෙත් ඔස්ට්‍රේලියාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් පැවසුවේ බෝපගේ පිහිටුවා ඇති සංවිධානවල සිටින්නේ ඔහු පමණක් බවයි.

බෝපගේ නමැත්තා සිය නිවේදනයේ දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කළ යුතු බවයි.

මේ අතර වට්ස් ඇප් සහ ෆේස්බුක් කල්ලි ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික තරුණ කොටස් අතර ද ආරම්භ වී ඇත. සිඩ්නි නුවර සිටින ශ්‍රී ලාංකික තරුණියක් ෆේස්බුක් සටහනක් විකාශනය කරමින් රැස්වන ලෙස දක්වා තිබේ. මේ අතර පසුගිය අප්‍රේල් 6 වැනිදා ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවට අදාළ අත්අඩංගුවට ගැනීමක තොරතුරක් හෙළි කළේය.

ජපන් යකුසා කල්ලියේ නායකයකු වූ ටකෙෂි එබිසාවා ඇතුළු සිවුදෙනෙක් කොටි සංවිධානය ඇතුළු ගරිල්ලා කණ්ඩායම්වලට අවි ආයුධ සැපයීමට සැලසුම් කිරීම ගැන අත්අඩංගුවට ගත් බව හෙළි විය.

කොටි ජාත්‍යන්තරයට අවි සැපයීමට සැලසුම් කළ ජපන් “යකුසා” කල්ලි නායකයා

මේ සිවුදෙනා ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදි අවි ආයුධ මිලට ගැනීමට උත්සාහ කර තිබේ. කොටි ජාත්‍යන්තර ජාලයේ මුලස්ථානය පිහිටුවා ඇත්තේ ද ඩෙන්මාර්ක් රාජ්‍යයේය.

එහෙත් එහිදී ඔවුන් අත්අඩංගුවට ගෙන නැත. යකුසා නායකයා ඇතුළු සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය ක්‍රියා කළේ ඔවුන් නිව්යෝක් සහ මෑන්හැටන් නගරවල සිටියදීය.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව තවදුරටත් හෙළි කළේ තායිලන්ත හිටපු ගුවන් හමුදා ජනරාල් බොබි ජුලි නාතන් සහ රුක්සාංහංසිනෝ නමැති හිටපු තායිලන්ත හමුදා නිලධාරියකුත් අත්අඩංගුවේ පසුවන බවයි. මොවුන් ලබා ගැනීමට උත්සාහ කළ අවි ආයුධ ලැයිස්තුව ද හසු වී ඇත. එම අවි ආයුධ මෙසේය.

කැලෂිනකෝව් ප්‍රහාරක අවි 5000, පතරොම් ලක්ෂයයි. එම් අයි 16 ප්‍රහාරක අවි 5000 යි. මැෂින් තුවක්කු එකක 20 යි. සන්නාහ සිදුරු කරන අවි 3500 මි. මි. 60 – මි. මි. 80 මිලිමිටර් 126 මෝටාර්, ස්නයිපර් අවි ආර් පී. ජී. 50 රාත්‍රිය විනිවිද පෙනෙන උපාංග 10 සෑම් නමැති ගුවන්යානා නාශක අවි 20 යි.

ජපන් යකුසා කල්ලි නායකයා ඇතුළු කණ්ඩායම හසු වී ඇත්තේ ඇමරිකාවට පැමිණීමෙන් පසුව බව එරට අධිකරණ දෙපාර්තමේන්තුවේ නීතිවේදී ඩේමියන් විලියම්සන් හෙළි කර ඇත. එහෙත් ඔවුන් ඇමරිකාවට පැමිණියේ කුමකටද යන්න ගැන හෙළි වී නැත.

කොටි සංවිධානය පරාජය වීමෙන් පසු ජපන් යකුසා කල්ලි නායකයා අවි ආයුධ සැපයීමට උත්සාහ කිරීම කාගේ කුමන්ත්‍රණයක්ද?

12000 කට අධික අවි ආයුධ පුහුණුව ලත් කොටි උතුරේ ස්ථානගතව සිටිති. ඔවුන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද වේ. ශ්‍රී ලංකාව තුළ බොර තෙල්, කිරිපිටි සහ ඖෂධ නොමැති අවස්ථාවේ කොටි ජාත්‍යන්තර ජාලයට අවි ආයුධ ලබාදීමට ජපන් යකුසා හෙවත් මාෆියා කල්ලි නායකයා සැලසුම් කළේ මන්ද?

එසේම ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවිය පසුගිය සතියේදී කාලය පැමිණ ඇත යැයි සඳහන් කර තිබුණේ රහස් සංග්‍රාමයකටද?

මේ අතර ඇමරිකාවේ සාස්කාට්ටේවන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යැයි හඳුන්වන ගීතා පොන්කාලන් නමැත්තිය මෙලෙස ප්‍රකාශ කර ඇත.

සිංහල ජනතාව අතර සිවිල් යුද්ධයක් ඇති වීමේ තත්ත්වයක් මතුවිය හැකියි. අර්බුදය විසඳිය යුතුයි දැනටමත් හදිසි නීතිය ප්‍රකාශයට පත්කර ඇත. හමුදා පාලන ක්‍රමයක් විය හැකියි. එසේම රජයට පක්ෂ සහ රජයට එරෙහිව සන්නද්ධ අරගලයක් සිදුවිය හැකිය.

ඇගේ මේ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ සිංහලයන් අතර සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවයි. එසේම ලන්ඩන් කොටි ඩයස්පෝරාව තවදුරටත් ලොව පුරා සාවද්‍ය ප්‍රචාර දියත් කරමින් විරෝධතාකරුවන් සහ හමුදාව අතර ගැටුම් ඇති වී ඇතැයි දක්වා ඇත. එහෙත් හමුදාව සහ විරෝධතාකරුවන් අතර ගැටුම් ඇති වූ බව අමූලික බොරුවකි.

එසේම ප්‍රභාකරන්ගේ නීති උපදේශක රුද්රකුමාරන් නමැත්තා මෙහෙයවන රටින් පිටත ඊලාම් ආණ්ඩුව නමැති සංවිධානය ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතය අඩු වූයේ හමුදාවේ වැටුප් වැඩි කිරීමට සහ ආරක්ෂක අයවැය වැඩි කිරීමට රජය කටයුතු කිරීම නිසා බව ප්‍රකාශ කර ඇත. මේ හැර ද්‍රවිඩ තරුණ සංවිධානය නමැති කොටි ඩයස්පෝරාවට සම්බන්ධ සංවිධානයක් පැවසුවේ උතුරේ හමුදාව සිටීම ඩොලර් අර්බුදයට ප්‍රධාන සාධකය බවයි. එහෙත් ඩොලර් හිඟයට බලපෑ හේතුව වූයේ හමුදාවට වැටුප් දීම යැයි කිව හැකිද? මේ පසුබිම මැද ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න සති දෙකකට පසු ප්‍රකාශයක් කරමින් මිරිහාන සිද්ධිය ගැන ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා නැතැයි ප්‍රකාශ කර ඇත. ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසීමට සති දෙකක් ගත කළේ මන්ද? රටේ කලබලකාරි තත්ත්වයක් ඇති වුවොත් ආරක්ෂක මණ්ඩලය රැස් නොවන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීම හාස්‍යයට කරුණකි.

පොලිස් බස් රථ සහ වාහන ගිනි ගනිද්දී ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවන්නේ නැතැයි කිව හැකිද? හිටපු ජනපති සමයේ ආරක්ෂක මණ්ඩලය රැස් වී නැත. දැනුත් එවැන්නක් සිදුවේද?

ආරක්ෂක ලේකම්වරයා නිරීක්ෂනය කළ යුත්තේ ජාතික ආරක්ෂාව උදෙසා මාධ්‍ය හෙළි කරන තොරතුරු නොවේ. ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා උසිගැන්වීම් සිදුකරන අයවලුන්ය. එසේම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවි මෙහෙයවන්නන්ට සහ සමාජ ක්‍රියාකාරීන් යැයි හඳුන්වා ගන්නා පාර්ශ්ව වෙනුවෙන් පුහුණුවීම් පාඨමාලා පැවැත්වූ බව දන්නේද?

මේ පුහුණුවීම් පාඨමාලාවකට ද්‍රවිඩයන් විශාල සංඛ්‍යාවක් සහභාගි වී ඇත. මේ පුහුණු පාඨමාලාව පැවැත්වීමට ඇමරිකානු තානාපති කාර්යාලය කටයුතු කළේ ඉදිරි මෙහෙයුමක් සඳහා බව තහවුරු වී ඇත.

මේ අතර කොළඹ සහ රටපුරා පැවැති විරෝධතා මැද කොළඹ පිහිටි නෝර්වේ, ස්විස්ටර්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, රුමේනියාව, ඔස්ට්‍රේලියාව සහ බි්‍රතාන්‍යය තානාපති කාර්යාලවල නිලධාරීන් විසින් විදේශ කටයුතු බලධාරීන් හමුවී උපදෙස් දීමට ඉදිරිපත් වී ඇත.

එසේම ජිනිවා මානව හිමිකම් විශේෂඥයන් යැයි හඳුන්වා ගත් නිලධාරීන් කණ්ඩායමක් ප්‍රකාශයක් කරමින් පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිතා කිරීම වැරදි ක්‍රියාවක් යැයි සඳහන් කර තිබේ.

එහෙත් බටහිර රටවල පොලිසි මේ ක්‍රියාදාමය සිදු නොකරන්නේද?

මේ පසුබිම මැද ඩොලර් අරමුදල් ලබන විකල්ප ප්‍රතිප්තති කේන්ද්‍රය නමැති එන් ජී ඕ සංවිධානය මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට සහ සිවිල් සමාජයට ඇති තර්ජන මැයෙන් කෘතියක් ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙයට වසර 1 1/2 කට පෙර කැනඩාව සහ නෝර්වේ යන රටවල් රුපියල් මිලියන 13.1 ක් මෙරට රාජ්‍ය නොවන සංවිධාන දෙකකට ප්‍රදානය කර තිබිණි. එහෙත් රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය ඒ ගැන අවධානය යොමු කළේ නැත.

එම්. සී. සී. ගිවිසුම ගැන රජය සහ විපක්ෂය එකිනෙකාට චෝදනා කරගන්නා අවස්ථාවේ මෙරට දේශපාලන කටයුතුවලට මැදිහත් වන ජාතික සාම මණ්ඩලයට සහ පැෆරල් සංවිධානයට රුපියල් මිලියන 56 ක් ලැබිණි.

කොටි ජාත්‍යන්තරයට අවි සැපයීමට සැලසුම් කළ ජපන් “යකුසා” කල්ලි නායකයා

මේ හැර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි ප්‍රධානී පි.සරා නමැත්තා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සෘජුව සබඳකම් පවත්වන්නෙකි.

එසේම කොරෝනා වසංගතයට මුවා වී කැනඩා රජය රුපියල් මිලියන 75 ක අතිවිශාල මුදලක් ජාතික සාම මණ්ඩලයට දුන්නේය. එම සාම මණ්ඩලය කොරෝනා මර්දන සංවිධානයක් නොවේ.

එම පසුබිම මැද මානව හිමිකම් නමැති කෘතියක් රජයේම ඇමැතිවරයකු ලවා ප්‍රකාශයට පත් කිරීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ක්‍රියා කිරීම රජයට එල්ල කළ අතුල් පහරක් නොවේද?

advertistmentadvertistment
advertistmentadvertistment