කොටි නායක හීනය බිඳවැටේ

598

කොටි ජාත්‍යන්තර ජාලයේ නව නායකයා වශයෙන් තමා පිළිගන්නා ලෙස ඩෙන්මාර්කයේ සෙල්වරත්නම් තවරාජ් නමැත්තා යුරෝපා සංගමය වෙත ගොනු කළ ලියවිලි ප‍්‍රතික්ෂේප වී ඇත.

මොහු නිර්දේශ කර ඇත්තේ නෝර්වේ කොටි නායක තෙදියවන් බව හෙළිවී තිබේ.

2009 මැයි මස කොටි පරාජය වීමෙන් පසු තමාව තෙදියවන් එම ධුරයට පත්කළ බව තවරාජ් පවසා ඇත.

සෙල්වරත්නම් තවරාජ් මෙම ලියවිලි යුරෝපා අධිකරණයට ඉදිරිපත් කර තිබුණත් එහිදී ද එය ප‍්‍රතික්ෂේප වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment