කොටි බේරගන්නා ක්‍රම වෙනස් කරයි

140


මදුවලට හසුවී සිටින කොටින් මුදවා ගැනීමේ දී දැනට භාවිතා කරන උපක්‍රමවලට අමතරව වෙනත් උපක්‍රම අත්හදා බැලීමට වනජීවි දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අරඹා ඇතැයි වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මධ්‍ය කදුකරයේ කොටි හා වෙනත් සතුන් අල්ලා ගැනීමට යොදන ප්‍රධාන උපක්‍රමය මදු ගැසීම බවට පත්වී තිබේ.
මේ නිසා අපේ රටේ වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින කොටි මද්දට හසුවීම නිසා මරණයට පත් වූ අවස්ථා රැසක් පසුගිය වසර කිහිපය තුළ වාර්තා විය.
2020 දී මධ්‍යම කලාපයේ කොටි 09ක්, 2021 වර්ෂයේ කොටි 08ක් හා 2022 වර්ෂයේ කොටි 04 දෙනෙක් ද වශයෙන් මදුවලට හසුවීම නිසා මරණයට පත්විය. එමෙන්ම 2020 දී මදුවලට හසුවී සිටි කොටි 06ක්, 2021 දී කොටි 03 දෙනෙක් හා 2022 දී කොටි 02ක් ද මුදාගැනීමට වනජීවි නිලධාරින්ට හැකිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment