කොටි සංවිධානයට යළි පණ දීමේ උත්සාහයට අත්අඩංගුවේ සිටි 21 දෙනාට නඩු නැතිව නිදහස

217

දෙමළ කොටි සංවිධානයට යළි පණ දීමට උත්සහ කිරීමේ චෝදනාව මත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් 21 දෙනකු නඩු නොදමා කොළඹදී නිදහස් කොට තිබේ.

කාන්තාවන් හතර දෙනකු සහ පිරිමි පුද්ගලයින් 17 දෙනකු වරින් වර අත්අඩංගුවට ගෙන සිටි අතර ඔවුන්ගෙන් බොහොමයක් දෙනා මහවිරු සතිය සැමරීමට එක් වූ සහ ඊට අනුබල දුන් පිරිස වෙති.

මෙම පුද්ගලයින් 2014 වසරේ සිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් වන අතර ඔවුන්ව ත්‍රස්ත මර්දන ඒකකය විසින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව නිදහස් කොට තිබේ.

නිදහස් කළ පුද්ගලයින් වසරක කාලයක් තමන්ට ළඟම ඇති පොලිසියට ගොස් සතියකට වරක් පෙනී සිටිය යුතු වෙයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment