කොටි සංවිධානයේ තහනම දිගටම: එංගලන්තය ශ‍්‍රී ලංකාවට දැනුම් දෙයි

197

2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත‍්‍රස්තවාදී පනත යටතේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇති බවට ශ‍්‍රී ලංකා රජයට දැනුම්දී ඇත.

තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ  තීන්දුවෙන් අනතුරුව ගනු ලැබූ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය මඟින්, එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා එල්ටීටීඊ පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

එබැවින් යුරෝපා සංගම් කලාපය ඇතුළුව ලොව පුරා වෙනත් රටවල් 30 කට වැඩි සංඛ්‍යාවක මෙන්ම, එක්සත් රාජධානියේ ද එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස පවතී. ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටනේ දී, එක්සත් රාජධානිය සහ සියලූ රජයන් සමඟ පවතින හවුල්කාරිත්වය ශ‍්‍රී ලංකා රජය අගය කරන අතර, පුරවැසියන්ගේ ජීවිතවලට තර්ජනය කරන සහ ගෝලීය හා කලාපීය සාමය හා ආරක්ෂාවට තර්ජනයක් වන ත‍්‍රස්තවාදය සහ ප‍්‍රචණ්ඩ අන්තවාදය අවම කිරීම සඳහා එක්සත් රාජධානිය සමඟ කටයුතු කිරීම සඳහා කැපවී සිටී.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment