කොටි සංවිධානයේ තහනම දිගටම එංගලන්තය ශ‍්‍රී ලංකාවට දැනුම් දෙයි

299

2000 අංක 7 දරණ එක්සත් රාජධානියේ ත‍්‍රස්තවාදී පනත යටතේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සඳහා වූ තහනම අඛණ්ඩව පවත්වා ගැනීමට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම්වරයා තීරණය කර ඇති බවට ශ‍්‍රී ලංකා රජයට දැනුම්දී ඇත.
තහනම් සංවිධාන පිළිබඳ අභියාචනා කොමිසමේ තීන්දුවෙන් අනතුරුව ගනු ලැබූ ස්වදේශ කටයුතු ලේකම්වරයාගේ මෙම තීරණය මඟින්, එක්සත් රාජධානිය තුළ එල්ටීටීඊ සංවිධානය සඳහා වූ තහනම ඉවත් කිරීම සඳහා එල්ටීටීඊ පෙරමුණු සංවිධානයකින් කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරතිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment