කොටි හිතවාදීන්318 කගේ සහ සංවිධාන 4 ක තහනම අහෝසියි: රජය ජිනීවා සමුළුවට දන්වයි

335

කොටි හිතවාදීන් 318 කගේ සහ කොටි හිතවාදී සංවිධාන 4 ක තහනම අහෝසි කර ඇතැයි රජය 50 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට අනාවරණය කර ඇත.

මෙම කොටි හිතවාදීන් සහ එම සංවිධාන කුමක්දැයි රජය හෙළි කර නැත. එසේම රැඳවුම් භාරයේ සිටි හිටපු කොටි ක්‍රියාකාරීන් 22 ක් ද රජය නිදහස් කර තිබේ. මෙයට අමතරව ඩයස්පෝරා ක්‍රියාකාරීන් සමඟ සාකච්ඡා අරඹන බවද රජය මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ වෙත දැනුම් දී ඇත.

මෙවර ජිනීවා සමුළුව වෙත රජය ලබාදී ඇති පොරොන්දුවක් නම් අතුරුදන් වූවන්ගේ කාර්යලයට අතුරුදන් වූවන් සඳහා වන්දි ගෙවීමට තවත් රුපියල් මිලියන 53 ක් වෙන් කිරීමයි.

පසුගිය රජයද කොටි හිතවාදී සංවිධාන 216 ක තහනම අහෝසි කර තිබුණි. මානව හිමිකම් කවුන්සිලයේදී මෙම තොරතුරු ඇමැති ජී. එල්. පීරිස් මහතා හෙළි කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment