කොටි 8000 කට කැනඩා රැකවරණ

358

යුද අපරාධ සිදු කළ හිටපු කොටි ත්‍රස්තවාදීන් 8000 කට ද කොටි ආයුධ ප්‍රවාහන නෞකා ජාලයේ ප්‍රධානී රවි ශංකර් හෙවත් සංගිලිට ද කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත.

රවි ශංකර්ට වව්නියා මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබූ අතර ඔහු කැනඩාවට පැන ගියේය. ඒ බව කැනඩා මාධ්‍ය අනාවරණය කර තිබිණි. එසේම යුද හමුදා නිලධාරීන් 21 දෙනකු ඝාතනය කර කැනඩාවට පැමිණි කොටි දෙදෙනකුට ද කැනඩා රජය දේශපාලන රැකවරණ ලබාදී ඇත. කැනඩාවේ ස්ටුවට් බෙල් නමැති නැෂනල් පෝස්ට් පුවත්පතේ මාධ්‍යවේදියා මේ බව අනාවරණය කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment