කොටුව දුම්රිය මගීහු නන්නත්තාරයි… දුම්රිය මග…  සේවකයෝ තෙල් පෝලිමේ…

172

අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත දුම්රිය සේවකයන්ගේ පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කරන බවට දැනුම්දීමත් සමග දුම්රිය නියාමකයන්, රියැදුරන් ඇතුළු පිරිස ධාවනය කළ යුතු දුම්රිය ද අතරමග දමා තෙල් ගැසීමට යාම නිසා ඊයේ (1 දා) දහවල් දුම්රිය ධාවනය අඩපණ වී කොටුව දුම්රිය පළ නොසන්සුන්වී තිබිණි.

මෙනිසා දුම්රිය ගණනාවක් පමාවී ධාවනය වුණි. ඒ නිසා කොළඹ, කොටුව, මරදාන, කොම්පඤ්ඤවීදිය ඇතුළු දුම්රිය ස්ථානවල සිටි මගීහු දැඩි සේ කලබලයට පත්වූහ.

කොටුව දුම්රිය මගීහු නන්නත්තාරයි... දුම්රිය මග...  සේවකයෝ තෙල් පෝලිමේ...

දුම්රිය සේවකයන්ගේ පෞද්ගලික වාහන සඳහා මරදානේ පිහිටි දුම්රිය අංගණයේ පිහිටි ඉන්ධනහලෙන් තෙල් නිකුත් කෙරිණි.

දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් නොමැති නිසා ඉකුත් දින කිහිපයේදී දුම්රිය ගමන් වාර ගණනාවක් අවලංගු කර තිබූ අතර ඊයේත් දුම්රිය ගමන් වාර 28ක් පමණ අවලංගු කර තිබියදී උද්ගතවූ හදිසි තත්ත්වය නිසා කාර්යාල සේවකයන් කලබලයට පත්වී සමාජ මාධ්‍ය හරහා දුම්රිය වර්ජනයක් යැයි කියා කතා පතුරුවා හැර ඇත.

‘දුම්රිය වර්ජනයක්’ අරඹා ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය ආරංචිය නිසා රාජකාරි සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට පැමිණි කාර්යාල සේවකයෝ නිවාඩු දමා නිවෙස් බලා යෑමට දුම්රිය ස්ථාන වෙත පැමිණෙන්නට වූහ.

කොටුව දුම්රිය මගීහු නන්නත්තාරයි... දුම්රිය මග...  සේවකයෝ තෙල් පෝලිමේ...

ඇතිවූ සිද්ධි නිසා දුම්රිය ගමන් වාර කිහිපයක් ප්‍රමාද වූ බව දුම්රිය දෙපාර්තමේන්තු ගමනාගමන අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

කෙසේ වෙතත් රථ වාහනවලට ඉන්ධන ලබාගෙන පැමිණි දුම්රිය සේවකයන් ධාවනය වීමට සැලසුම් කර තිබූ දුම්රිය පමාවී ධාවනය කරවූ බවද හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්-
හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස්,
ඡායා- නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment