කොණ්ඩෙ නොකැපුවාට දඬුවමක් ගාල්ලේ ජනප්‍රිය පාසලක  ශිෂ්‍ය නායකයා සිසුන් 3ක් රෝහල් යවයි

1041


ගාල්ල නගරයේ පිහිටි ජනප්‍රිය පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍ය නායකයකු විසින් එම පාසලේ 11 වසරේ සිසුන් තිදෙනකුට ඊයේ (03දා) දහවල් පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ සිසුන් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

කොණ්ඩය නොකපා පාසලට පැමිණීම නිසා පහරකෑමට ලක්වූ සිසුන් තිදෙනා සහ ශිෂ්‍ය නායකයා අතර ඇතිවූ මතගැටුමක් හේතුවෙන් ශිෂ්‍ය නායකයා විසින් මෙම සිසුන්ට පහරදී ඇති බව පරීක්ෂණවලදි අනාවරණය වී ඇත. පහර කෑමෙන් සුළු තුවාල ලබා ඇති එම සිසුන් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලේ 58 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබති.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment