කොතලාවල පනතට විරුද්ධයි – ශ‍්‍රීලනිප තරුණ සංගමයේ ලේකම් එරික් වීරවර්ධන

137

රජය විසින් ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට තම සංවිධානය විරුද්ධ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට අනුබද්ධ තරුණ සංගමයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එරික් වීරවර්ධන මහතා පැවැසීය.

මෙම පනත හරහා උසස් අධ්‍යාපනය මිලටරි කිරීමක් සිදුවන බවත් ඉන් දීර්ඝ කාලීනව මෙරට අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට බලපාන බවත් ලේකම්වරයා ඊයේ (15දා) ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් කතා කළ ලේකම් වීරවර්ධන මහතා මෙසේද කීය.

මෙම පනතට තරුණ සංවිධානය හැටියට කරුණු දෙකක් මත විරෝධතාව පළකරනවා. ඒත් ආණ්ඩුව සම`ග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරනවා. හමුදාව හරහා විසඳුම් ලබාගැනීමට වඩා තුනෙන් දෙකක බලයක් තිබියදී එයට දේශපාලන වශයෙන් ආණ්ඩුව විසඳුම් ලබාගත යුතුයි. මින් යුද ජයග‍්‍රහනය මෙන්ම විවිධ ව්‍යසනවලදී පිහිටවූ හමුදාව අපකීර්තියට පත්වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පිටතින් කිසිම නියාමනයක් නොමැතිව බඳවා ගැනීම්, ඇතුළු පරිපාලන කටයුතු සම්පූර්ණයෙන් පනත හරහා සිදුවීම අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට දීර්ඝ කාලීනව බලපාන කරුණක්. එම නිසා සම්පූර්ණයෙන් නිදහස් පක්‍ෂ තරුණ සංගමය හැටියට මෙම පනතට විරුද්ධ බවද එරික් වීරවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment