කොතලාවල පනතට විරෝධය පළ කරමින් අන්තරේ මිනී පෙට්ටියක් ගිනිතබයි

247

කොතලාවල විශ්වවිද්‍යාල පනත වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් අන්තර් විශ්වවිiාල ශිෂ්‍යබල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පාගමනක් පාර්ලිමේන්තු වට රවුම අසලදී ඊයේ (03 දා* දහවල් පොලිසිය විසින් නතර කිරීමට උත්සාහ ගැනීම නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවිය.

 එහිදී පොලිසිය උද්ඝෝෂකයින්ට පාර්ලිමේන්තු වටරවුමට පැමිණීමට නොහැකි වන ලෙස මාර්ග බාධක යෙදූ අතර ඒවා ඉවත්කරගෙන ඉදිරියට යෑමට උද්ඝෝෂකයින් උත්සාහ කිරීම නිසා මෙම උණුම්කාරී තත්ත්වය ඇති විය.

 පසුව උද්ඝෝෂකයෝ නිදහස් අධ්‍යාපනයේ මළගම ලෙස සඳහන් කළ මිනීපෙට්ටියක් ගිනි තබා සිය විරෝධතාව පළ කළහ.

 ඡායාරූපය යූ. කේ. අබේරත්න

advertistmentadvertistment
advertistmentadvertistment