කොතලාවල පනත් කෙටුම්පතට එරෙහි විරෝධතාව…. ස්ටාලින් ඇතුළු 33 ක් අත්අඩංගුවට…පොලිසිය විරෝධතාකරුවන් ඔසවාගෙන ගොස් බස්වලට පටවති

542

කොතලාවල පෞද්ගලික විශ්වවිiාල පනත් කෙටුම්පතට එරෙහිව ඊයේ (08 වැනිදා* උදේ බත්තරමුල්ල පොල්¥ව මංසන්ධියේ සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර ලංකා ගුරු සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් සහ අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු 33 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් ප‍්‍රදේශයේ දැඩි උණුසුම් තත්ත්ත්වයක් හට ගැනුණි. නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය සහ අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලය එක්ව මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.
 
 එහිදී පොලිස් නිලධාරීහු විරෝධතාවයේ නිරතවූ විරෝධතාකරුවන් බලහත්කාරයෙන් ඔසවාගෙන විත් පොලිස් බස් රථවලට නංවන ආකාරය දැක ගත හැකි විය.
 
 කොතලාවල පෞද්ගලික විශ්වවිiාල පනත ඉරා දමනු යන මැයින් සඳහන් බැනරයක් විරෝධතාකරුවන් ප‍්‍රදර්ශනය කර තිබෙනු දැක ගත හැකි විය.
 
 මෙහිදී අන්තර් විශ්වවිiාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමියන් පොලිසිය විසින් අල්ලාගෙන එන අවස්ථාවේ උන්වහන්සේ මෙසේ පැවසූහ.
 
 ‘‘මුන්ට ඕන, නිදහස් අධ්‍යාපනය නැති කරන්න. අධ්‍යාපනය විනාශ කරන කාලකන්නි.’’
 
 ජිනරතන හිමියන්ව පොලිස් බස් රථයට නංවනු ලබන ආකාරය දැක ගත හැකිවිය.
 
 මේ අතරේ පොලිස් කාන්තාවක් වයෝවෘද්ධ කාන්තාවක් ඔසවාගෙනවිත් පොලිස් බස් රථයට නැංවීමට උත්සාහ කරන ආකාරය දක්නට ලැබිණි. ඒයි ඔය ආච්චි කෙනෙක්. ඒයි ඒයි ආච්චි මැරෙයි. ඔය තරුපටි ගලවනවා ලැජ්ජයි. ඔය වයසක අම්මා කෙනෙක් නේද? ’’ යැයි පිරිස් කියූහ.
 
 විරෝධතාවයේ නිරතවූ අයකු අල්ලාගෙන පොලිසියට රැගෙන යනවිට පිරිස මෙසේ කියනු ඇසිනි. ’’ඒයි අතහැරපල්ලා අපිටත් අයිතියක් තියෙනවා යකෝ උද්ඝෝෂණ කරන්න ඒයි අතහැරපල්ලා ලැජ්ජයි යකෝ.
 
 මේ අතරේ පොලිස් බස් රථයේ සිටි ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා වීදුරුවෙන් හිස එළියට දමා මාධ්‍යයට මෙසේ පැවසීය.
 
 අද එන්නත්කරණය කරන තැන්වල පිරෙන්න සෙනඟ. අපි සාමකාමී විරෝධතාවයක් කරන කොට අපි අල්ලන් යනවා. මේ රටේ සියලූ වෘත්තීය සමිති මර්දනය කරන්නැයි මේ ආණ්ඩුව දඟලන්නේ. මේ අතරේ අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් මෙසේ කීය.
 
 මේ අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් කරන්නේ. බැසිල් මහත්තයෝ ඒක හොඳට මතක තියා ගන්න. නිදහස් අධ්‍යාපනය වළපල්ලට යන්න දෙන්න බැහැ.
 
 මෙහිදී පොලිස් බස් රථය තුළ සිටි අම්මා කෙනෙක් මෙසේ පැවසුවාය.
 
 මුන්ට තේරෙන්නේ නැහැ. හෙට අපේ දරුවන්ට අධ්‍යාපනයක් නැහැ. ඒ වෙනුවෙන් අපි සටන් කරන්න ආවේ.
 
 මේ අතරේ පොලිස් නිලධාරිනියක විiුත් නාලිකාවක මාධ්‍යවේදියකුගේ කැමරාවට අතින් ගැසීම නිසා උණුසුම් තත්ත්වයක් හට ගැණිනි.
 
 එහිදී විiුත් මාධ්‍යවේදීහු සියලූ දෙනා ඇය වීඩියෝ කරන්නට වූහ.
 
 මාධ්‍යයට ගහන්න කවුද නීතිය දුන්නේ. ලැජ්ජයි. ඔය වගේ කැත වැඩ කරන්න එපා. මාධ්‍යයට අත තියන්න කවුද කිව්වේ යනුවෙන් ඇයගෙන් ප‍්‍රශ්න කරමින් සිටියදී ඇය එක්වරම පොලිස් බස් රථයට ගොඩවීමත් සමග පිරිස හූ කියන්න පටන් ගත්හ. පසුව බස් රථය පණගන්වාගෙන ඇය රැුගෙන යනු දැකගත හැකිවිය.
 
 ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුගෙන්ද ඒ පොලිස් නෝනාට මාධ්‍යයට ගහන්න අවසරය දුන්නේ කවුද? යනුවෙන් විමසූ විට එම නිලධාරියා කිසිම පිළිතුරක් නොදී පා ගමනින් මඳ දුරක් ගොස් මෝටර් රථයක නැග යන ආකාරය දැක ගත හැකිවිය.

 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment