කොතලාවල විශ්වවිද්‍යාල පනත ගැන ශ‍්‍රීලනිපය සාකච්ඡා මට්ටමේ

422

රජය විසින් ඉදිරිපත් කර ඇති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට සහයෝගය දෙනවාද නැද්ද යන්න පිළිබඳව සිය පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවසීය. එම පනත් කෙටුම්පතට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් ඒ පිළිබඳව ආණ්ඩුවේ ඉහළ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේ ය.

එම සංශෝධන පක්ෂයේ තරුණ සංවිධාන හා දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා කර පනත් කෙටුම්පත පිළිබඳව අවසන් තීන්දුවක් ගන්නා බව ද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment