කොත්තුවක් 10කින් ෂෝටීස් 5කින් මිල නගී

190

කොත්තුවක මිල රුපියල් 10කින්ද, එළවළු රොටි, රෝල්ස්, පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි කෑම වර්ගවල මිල රුපියල් 5කින්ද අද (29 දා) සිට ඉහළ දැමූ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.

‘තිරිඟු පිටි මිල වැඩි කිරීම නිසා කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල වැඩිකරනවා.

ලෝකයේ තියෙන බාල වර්ගයේ පාන් පිටි තමයි මේ රටට ගෙන්වන්නේ. ඒ ගෙන්වලත් අපිට ඒවා අධික මිලකට දෙනවා. මේ පාන් පිටිවල ප‍්‍රමිතිය ගැන වහාම සොයා බලන්න කියලා වගකිවයුතු ආයතනවලින් ඉල්ලා සිටිනවා. ලෝකයේ පාවිච්චි කරන පාන් පිටිවල ප‍්‍රමිතිය කොහොමද? ලංකාවේ පාවිච්චි කරන පාන්පිටිවල ප‍්‍රමිතිය කොහොමද කියලා සොයා බැලිය යුතුයි. මේ ගෙන්වන පාන් පිටිවල ප‍්‍රමිතිය ගැන බරපතළ ගැටලූවක් තියෙනවා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment