කොදෙව්වන්ට එරෙහිව ශී‍්‍ර ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

521

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් ඊයේ (04 වැනිදා* පැවැත්විණි. එ් අනුව එහිදී කාසියේ වාසිය දිනූ කොදෙව් නායකයාගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේදී එක් කඩුල්ලක් දැවී ලකුණු 132ක් ලබා සිටි අතර නොදැවී පන්දුවට පහර දෙමින් සිටි පැතුම් නිස්සංක ලකුණු 51ක් සහ චරිත් අසලංක ලකුණු 46ක් ලබා සිටියේය.

 ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කළ කුසල් පෙරේරා සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල සඳහා ලකුණු 42ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්විය. ඇන්ඩෲ රසල්ගේ

 පන්දුවක් හමුවේ ශී‍්‍ර ලංකා පළමු කඩුල්ල ලෙසින් කුසල් පෙරේරා දැවී ගිය අතර දැවී යද්දී ඔහු පන්දු 21කට මුහුණ දී ලකුණු 29ක් ලබා සිටියේය.

 මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩයෙන් තරග වැදුණු ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ තරගයට පෙර සහභාගි වූ තරග 4න් තරග 3ක්ම පරාජයට පත්වී එක් තරගයක් පමණක් ජය ගැනීමට සමත්විය. එ් අනුව බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදී ජය වාර්තා කිරීමට සමත් වූ ශී‍්‍ර ලංකාව අනතුරුව ඔස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය හමුවේ පරාජයට පත්විය.

 අදාළ පරාජයන් හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ වරම් ශී‍්‍ර ලංකාවට අහිමි විය. එ් අනුව 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකාව කී‍්‍රඩා කරන අවසන් තරගය බවට ඊයේ පැවැති තරගය පත්වූ අතර එම තරගයේ ජය ගත්තද නොගත්තද තරගාවලියෙන් ඉවත්වීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු වී තිබිණි.

 ඊයේ තරගයට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක්ම පමණක් සිදු කර තිබුණු අතර ළහිරි කුමාර කණ්ඩායමෙන් ඉවත් කර එ් වෙනුවට බිනුර ප‍්‍රනානදු කණ්ඩායමට කැඳවා තිබිණි.

 කුෂාන් සුබසිංහ අබුඩාබි සිට…

advertistmentadvertistment
advertistmentadvertistment