කොදෙව්වෝ තරගාවලිය දිනති

195

ඔස්ටේ‍්‍රලියාව සමගින් පැවැත්වෙන පන්දුවාර 20-20 තරග 5 කින් යුතු තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
 
 බටහිර ඉන්දීය කොදෙව්හි ශාන්ත ලූසියා ක‍්‍රීඩාංගණයේ පෙරේදා (12 වැනිදා* පැවැති තෙවැනි තරගයෙන් කඩුලූ 6ක ජයක් වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙම තරගාවලි ජයග‍්‍රහණයට හිමිකම් කීය.
 
 අදාළ තරගයේ ඔස්ටේ‍්‍රලියාව කඩුලූ 6 ක් දැවී රැුස්කළ ලකුණු 141 ඉලක්කය පන්දුවාර 14.5 ක් තුළ ජය ගැනීමට කොදෙව්වන් සමත් විය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් අංක 03 පිතිකරු ලෙස පිටියට පිවිසි කි‍්‍රස් ගේල් පන්දු 31 ක් තුළ ලකුණු 67 ක් ලබාගත් අතර ගේල්ගේ ඉනිමට හයේ පහර 7 ක් සහ 4 පහර 4 ක් ඇතුළත් විය.
 
 තරගයේ වීරයා සම්මානය ද කි‍්‍රස් ගේල්ට හිමිවූ අතර පළමු තරගයෙන් කොදෙව්වන් ලකුණු 18 කින් ජයගත් අතර දෙවැනි තරගයෙන් ලකුණු 56 කින් ජය ගත්තේය. තරගාවලියේ අවසන් තරග දෙක හෙට 15 වැනිදා සහ ලබන 17 වැනිදා පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment