කොදෙව් කණ්ඩායම ලකුණු 62ක් ඉදිරියෙන්

140

එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තුන්වැනි දිනය නිමාවන විට සත්කාරක කොදෙව් කණ්ඩායම එංගලන්තයට වඩා ලකුණු 62ක් ඉදිරියෙන් සිටියේය.

සංචාරක එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 311 ක් රැුස් කළ අතර කොදෙව් කණ්ඩායම තෙවන දින නිමා වනවිට කඩුලූ 9ක් දැවී ලකුණු 373ක් ලබා සිටියේය. කොදෙව් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ න්කෲමා බෝනර් ලකුණු 123ක් ලබාගත් අතර ඔහු සිය ඉනිම සඳහා පන්දු 355 කට මුහුණදී හතරේ පහර 12 ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුණි. බටහිර ඉන්දීය කොදෙව් දේශයේ නෝර්ත් සවුන්ඞ් හි පැවති මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක්ස් සහ කේ‍්‍රග් ඕවර්ටන් කඩුලූ දෙක බැගින් ලබා ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment