කොදෙව් ටෙස්ට් බළ ඇණිය දිවයිනට

674

ලෝක කුසලාන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේදී මෙවර ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය ලබන 21 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වේ. එ් අනුව එ් සඳහා සහභාගි වන සංචාරක බටහිර ඉන්දීය කොදවේ ටෙස්ට් සංචිතය ඊයේ (08 වැනිදා) මෙරටට පැමිණියේය.

කි‍්‍රයාත්මක විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කිරීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ උදෑසන 8.35ට ඊකේ 650 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබේ.

ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලබන 21 වැනිදා ආරම්භ කෙරෙන අතර දෙවැනි තරගය ලබන 29 වැනිදා ආරම්භ කෙරේ. තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර ලබන 14 වැනිදා පැවැත්වෙන දෙරට අතර පුහුණු තරගය කොළඹදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment