කොදෙව් 19 න් පහළ යෞවනයන් සමග සටනට ශ්‍රී ලංකාවෙන් 20 ක සංචිතයක්

296

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් සංචිතය ඊයේ (23 වැනිදා) නම් කර ඇත.

රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන එම සංචිතයේ නායකයා ලෙස තෝරාගෙන ඇති අතර රිච්මන්ඩ් විද්‍යාලයේ තුන් ඉරියව් ක්‍රීඩක මල්ෂ තරුපති සංචිතයේ උපනායකයා ලෙස නම් කර ඇත.

තරගාවලිය ලබන 27 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඊට පෙර ලබන 25 වැනිදා කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩා පිටියේ දී පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලිය ලබන 27 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර ටෙස්ට් තරග සැප්තැම්බර් 05 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා 19න් පහළ සංචිතය: සිනෙත් ජයවර්ධන (නායක – රාජකීය විද්‍යාලය, කොළඹ), මල්ෂ තරුපති (උපනායක – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), විශ්ව රාජපක්ෂ (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව), දිනුර කළුපහන (මහින්ද විද්‍යාලය, ගාල්ල), විහාස් තෙව්මික (තර්ස්ටන් විද්‍යාලය), ගරුක සංකේත (ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල), විශ්ව ලහිරු (ශ්‍රී සුමංගල විද්‍යාලය, පානදුර), කවීෂ පියුමාල් (සාන්ත අන්තෝනි විද්‍යාලය, මහනුවර), පැතුම් මලිත (ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ), පුලිඳු පෙරේරා (මහනුවර ධර්මරාජ විද්‍යාලය), රවිශාන් නෙත්සර (පී. ද එස්. කුලරත්න විදුහල, අම්බලන්ගොඩ), රුසඳ ගමගේ (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ), රුවිෂාන් පෙරේරා (කොළඹ ආනන්ද විද්‍යාලය), සාරුජන් ෂන්මුගනාදන් (සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, කොටහේන), විශේන් හැලඹගේ (සාන්ත පීතර විද්‍යාලය, කොළඹ), හිරාන් ජයසුන්දර (සාන්ත ජෝසප් විද්‍යාලය), දිනිරු අබේවික්‍රමසිංහ (සාන්ත සර්වේශස් විද්‍යාලය, මාතර), ජනිත් ප්‍රනාන්දු (සාන්ත ජෝශප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව), සුපුන් වඩුගේ (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර), තරණ විමලධර්ම (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)

තරගාවලියේ කාලසටහන

අගෝස්තු 25 – පුහුණු තරගය (සීසීසී)

අගෝස්තු 27 – පළමු එක්දින තරගය (දඹුල්ල)

අගෝස්තු 30 – දෙවැනි එක්දින තරගය (දඹුල්ල)

සැප්තැම්බර් 01 – තෙවැනි එක්දින තරගය (දඹුල්ල)

සැප්තැම්බර් 5 සිට 8 – පළමු ටෙස්ට් තරගය (දඹුල්ල)

සැප්තැම්බර් 12 සිට 15 – දෙවැනි ටෙස්ට් තරගය (දඹුල්ල)

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment