කොන්ත්‍රාත් පදනමට විදුලි ඉංජිනේරුවන් 50 ක් ගන්න සැලසුමක්

143

ඉංජිනේරුවන්ගේ හිඟයක් මාවාපාමින් කොන්ත්‍රාත් පදනම මත විදුලිබල මණ්ඩලයට විදුලි ඉංජිනේරුවන් පනහක් බඳවාගැනීමට සැරසෙන බවට වෘත්තීය සමිති නායකයෝ කියා සිටිති.

විදුලිබල මණ්ඩලයේ ගණකාධිකාරි වරුන්ගේ කාර්යය, මානව සම්පත් අංශය, බලාගාරවල මෙන්ම අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම ආධිපත්‍ය විදුලි ඉංජිනේරුවරුන් විසින් අත්පත් කරගෙන සිටින බව ද ඔවුහු පවසති. මේ වනවිට විදුලිබල මණ්ඩලයේ සිටින විදුලි අධිකාරිවරුන් දෙසීයක පමණ පිරිසක් ඉංජිනේරු ආයතනයේ ලියාපදිංචිය ලබා ඉංජිනේරුවරයකුට අවශ්‍ය සුදුසුකම් සපුරා සිටියත් ඒ අයට උසස්වීමට ඉඩකඩ නොමැති බවද අධිකාරිවරු කියා සිටිති. මීට අමතරව විදුලිබල මණ්ඩලයේ යාන්ත්‍රික හා සිවිල් ඉංජිනේරුවරුන් එකසිය පහනහක් සිටියද ඔවුන්ගේ වෘත්තීය දැනුමට අදාළ තනතුරුවල විදුලි ඉංජිනේරුවරුන් රජ කරන බව ද ඔවුහු කියා සිටිති. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී විදුලි ඉංජිනේරු ඒකාධිකාරියද අහෝසිකර දැමීම අත්‍යවශ්‍ය වී ඇතැයි ද වෘත්තීය සමිති නායකයෝ සඳහන් කළහ.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment