කොන්ත‍්‍රාත් සමාගම්වලට තාර දැවිතෙල් පරණ මිලටමදීමෙන් කෝටි 7ක පාඩුවක්

146

පොදු මහජනතාව භාවිත කරන පෙට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් මිල ඉහළ දැමුවද කොන්ත‍්‍රාත් සමාගම්වලට ලබාදෙන තාර හා බලාගාරවලට නිකුත් කරන දැවිතෙල් මිල ගණන් ඉහළ නොදැමීම නිසා ඉකුත් ඔක්තෝබර් මස සිට සංස්ථාව රුපියල් කෝටි හතකට ආසන්න පාඩුවක් ලබා තිබේ.

මේ සම්බන්ධව කළ ගණනය කිරීමේ දී ඉකුත් ඔක්තෝබර් සිට තාර මිල ගණන් ඉහළ නොදමා තිබෙන අතර දැවිතෙල් මිල දෙසැම්බර් මස මිලට ම තාමත් අලෙවි කරමින් තිබෙන බව හෙළි වී ඇත.

මේ වනවිට ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලික බලාගාර හිමියන්ගෙන් හදිසි මිලදී ගැනීම් යටතේ විදුලිය මිලදී ගැනීමට සැරසෙන අතර එම පුද්ගලික බලාගාර වෙත පරණ මිලට ම දැවිතෙල් ලබාදීමට සංස්ථාවේ නිලධාරීන් පිරිසක් සැලසුම් කරමින් සිටින බව ද එහි උසස් නිලධාරියෙක් ‘‘දිවයින’’ට පැවසීය.

පොදු ජනතාවට භාවිතයට ගන්නා ඉන්ධන වර්ගවල මිල ගණන් විශාල මුදලකින් වැඩිකර කොන්ත‍්‍රාත්කරුවන්ට තාර අඩු මිලට ලබාදීම පිළිබඳ සොයා බැලිය යුතු බව ද හෙතෙම කීය. දැවිතෙල් මිල ද ඉහළ නොදැමීම නිසා බලාගාර හිමියන්ට විශාල ලාභයක් ලැබෙන බව හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment