කොන්දේසිවලට  එකඟ නොවීම නිසා ලංකාවේ සහනාධාර ඉල්ලීමට  චීනය  බැහැ කියයි

786

ඩොලර් බිලියන 1.5 ක සහනාධාරයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් කරන ලද ඉල්ලීමක් ඉවත දැමීමට චීනය තීරණය කර ඇත. එයට හේතුව එම මුදල ලබාදීම සඳහා චීන රජය විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි මාලාවට ලක් රජය එකඟ නොවීමය.

 ණය මුදල සම්බන්ධයෙන් චීනයේ තීරණය එරට ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා වෙත දැනටමත් දන්වා තිබේ. පාලිත කොහොන මහතා පසුගියදා චීනයේ බීජිං නුවරදී එරට ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලූ ජිම්සොන් මහතා හමුවූ අතර චීන රජයේ තීරණය දන්වනු ලැබ ඇත්තේ එම අවස්ථාවේදී ය.

 චීනය තුළ ද යම් ප්‍රමාණයක ආර්ථික අර්බුද පවතින බවත් ඇමරිකාව විසින් එරටට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක සමූහය ද එයට හේතුවක් බවත් චීන රජය පාලිත කොහොන මහතාට දැනුම් දී තිබේ. කෙසේ වුවද ශ්‍රී ලංකාව විසින් ඉල්ලා ඇති ගැනුම්කාර ණය පහසුකමක් සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බව වාර්තා වේ. මෙහි වටිනාකම ද ඩොලර් බිලියන 1.5 කි.

 පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවට චීනය විසින් චීන මුදල් ඒකකය වන RMB මිලියන 500 ක සහනාධාර ලබා දී තිබේ. ඊට අමතරව චීනයේ තිබෙන බෞද්ධ විහාරස්ථාන, පාසල් සහ වෙනත් පුණ්‍යායතන මගින් එකතු කළ සහනාධාර විශාල තොගයක් ද ලංකාවට එවන ලදී.

 ශ්‍රී ලංකාවේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා විධිමත් ඉල්ලීමක් කරන්නේ නම් ඩීසල් සහ රසායනික පොහොර තොගයක් ලබාදීම ගැන සලකා බැලීමට හැකි බව ආසියානු කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ලූ ජිම්සොන් මහතා, පාලිත කොහොන මහතාට දැනුම් දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment