කොන්දේසි මත පුත්තලම සිසුන්ට ඇප

159


පුත්තලම මුස්ලිම් පාසලක විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සිසුන් සහ අත්අඩංගුවේ සිටි සැකකාර සිසුන් ඇප මත මුදාහැරීමට පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මෙම සිද්ධිය ඉකුත් 23 වැනිදා සිදුව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ් භාරයේ පසුවූ අතර තවත් සිසුන් සිසුන් 17 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකාර සිසුන් සියලුදෙනාම අද පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට පදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මෙලෙස මුදාහැරීමට නියෝග කර ඇත.

එහිදී එක් අයෙකුට ලක්ෂ 5 බැගිනි වූ ශරීර ඇපයක් සහ සාමාන්‍ය පෙළ විභාගය අවසන්වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත් නියෝග කෙරුණි.

කුමන හේතුවක් මත හෝ පැමිණිලි පාර්ශ්වයට බලපෑම් කිරීම සම්බන්ධව වාර්තා වුවහොත් ඇප අවලංගු කර නඩු කටයුතු අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන බවට ද එහිදී නියෝග කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment