කොන්දේසි ලිහිල් කරමින් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 450ක්

529

ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ඩොලර් මිලියන 450 ක ආධාරයක් අනුමත කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවී තිබේ.

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මහ බැංකු අධිපති ඇතුළු නිලධාරීන් ලබාදුන් දත්ත මත පදනම්ව සකස් කළ ලේඛනයක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා විසින් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ලෝක බැංකුවට ලබාදීමෙන් පසු මෙම ආධාර මුදල ලැබී ඇත.

ලෝක බැංකුව විසින් ලබාදීමට එකඟවූ ඩොලර් මිලියන 450 ක ආධාර මුදල මෙම වර්ෂය අවසන් වීමට පෙර මෙරටට ලැබීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment