කොන් ගසෙන් ආ මාරයා දරුවා බිලිගනියි – හොරොව්පතාන ශෝකාන්තය

405

පාසල් සිසුවකුගේ හිස මතට මුල ගිනි ගනිමින් තිබූ විශාල කෝන් ගසක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් බරපතළ තුවාල සිදුවූ සිසුවා ප‍්‍රතිකාර ස`දහා රෝහල්ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වූ බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

කොන් ගසෙන් ආ මාරයා දරුවා බිලිගනියි - හොරොව්පතාන ශෝකාන්තය

සිදුවූ අවාසනාවන්ත අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී තිබුණේ හොරොව්පොතාන, දුටුවැව ලිපිනයේ පදිංචිව සිටි දුටුවැව මහ විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සුන්දර සේනගේ චම්පික සුන්දරසේන (14) සිසුවායි.

හොරොව්පොතාන දුටුවැව මොරවැව පිහිටි මෙම හේන් යායකදී සිසුවා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා තිබේ. හේනේ තිබූ දිරාගිය කෝන් ගස බිමට පතිත කරවීම ස`දහා හේනේ හිමිකරු එහි මුලට ගිනි තබා තිබූ බවත් දින ගණනාවක් ගිනි ගෙන තිබූ ගස තද සුළ`ග සමග කඩාවැටී ඇති බව පරීක්ෂණ සිදු කරන හොරොව්පොතාන පොලිසිය පවසයි.

(16 දා) මියගිය සිසුවා ඥාතියකු සමග හේනේ බිම් සැකසීම බැලීම සදහා පැමිණ තිබෙනා බවත් හේනේ බිම් සකසමින් තිබූ තවත් ට‍්‍රැක්ටරය මුල ගිනි ගනිමින් තිබූ කෝන් ගස ආසන්නයේම කාර්මික දෝෂයකින් නැවතී ඇති බව පරීක්ෂණ සිදුකරනා පොලිසිය පවසයි.

මියගිය සිසුවා අනතුර සිදුවූ හේන් යායට පැමිණ අනතුරට ලක්වීමට ස්වල්ප මොහොතකට පෙර ජංගම දුරකථනයකින් ඡායාරූප කිහිපයක් ද රැගෙන තිබේ.

එම අවස්ථාවේ සිසුවා එම ට‍්‍රැක්ටරය අසලට ගොස් එහි රියැදුරු අසුන මත වාඩිවී සිට ඇති බවත් දින ගණනාවක් මුල ගිනි ගනිමින් තිබූ අඩි 30ක් පමණ උස විශාල කෝන් ගස ට‍්‍රෑක්ටරය මතට කඩා වැටී ඇති බව පොලිසිය පවසයි.

කෝන් ගස සිසුවාගේ හිස මතටම වැටී ඇති අතර ඔහුගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබියදී හේනේ වැඩට පැමිණි පිරිස් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා ගෙන සිසුවා රෝහල්ගත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇතත් හිසට අධික තුවාල සිදුව තිබූ සිසුවා හොරොව්පොතාන රජයේ රෝහලේදී ජීවිතක්ෂයට පත්වී තිබුණි.

අනතුර සම්බන්ධයෙන් හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ සිදුකරයි. සිසුවාගේ හදිසි මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවත්වීමෙන් පසුව දේහය ඥාතීන්ට භාරදීමට නියමිතව තිබුණි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු, මිහින්තලේ – රංග චතූ

 

advertistmentadvertistment
advertistmentadvertistment