කොමර්ෂල් බැංකුවෙන් අන්තර්ජාල මිලදී ගැනීම්වලට තවත් වට්ටම් සහ දීමනා ලබාදෙයි

156

සංචරණය සීමා කිරීම සහ සමාජයට නිරාවරණයවීම තවදුරටත් අඩුකිරීමට දිරිදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් අන්තර්ජාලය ඔස්සේ මිලදීගැනීම් කිරීමේදී ලබාදෙන වට්ටම් සහ විශේෂ දීමනා තවදුරටත් වැඩිකිරිමට කටයුතු කර තිබේ.

මේ අනුව, කොමර්ෂල් බැංකුව විසින් ආහාරපාන, රසකැවිලි සහ ඖෂධවල සිට ලිපි ද්‍රව්‍ය, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ දක්වා මිලදීගැනීමේදී සිය නවතම වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 55% ක් දක්වා වට්ටම් ඩෙබිට් කාඞ්පත් හිමියන්ට 25% ක් දක්වා වට්ටම් හෝ ප‍්‍රවාහන ගාස්තු අය නොකිරීමට ද කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment