කොමර්ෂල් බැංකුවෙන් අවුරුදු සරුසාර කිරීම උදෙසා, කාඩ්පත් හිමියන්ට 50%ක් දක්වා විශේෂ වට්ටම්

153

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හිමියන්ට 2023 වසර සඳහා බැංකුවේ අවුරුදු කාඩ්පත් දීමනා පිරිනැමීම ආරම්භ කිරීමත් සමග, මෙම උත්සව සමයේ පහසු ගෙවීමේ සැලැසුම්වලට අමතරව, වෙළෙඳ අලෙවිසැල් 3,500කට වැඩි ප්‍රමාණයකින් 50%ක් දක්වා වට්ටම් ලබා ගැනීමට අවස්ථාව හිමිවෙයි.

කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් දින දර්ශනයේ වඩාත් වැදගත් දීමනාව ලෙසින් සැළකෙන මෙම අවුරුදු පිරිනැමීම්, උත්සවය සඳහා සූදානම් වීමේ සිට තෑගි මිලදී ගැනීම් දක්වාම පුළුල් පරාසයක කාලීන අවශ්‍යතා ආවරණය කරනු ලබයි. මාර්තු 15 සිට අප්‍රේල් මස අවසානය දක්වා නිශ්චිත දින හෝ කාලසීමාවන්හිදී, දිවයිනේ ලියාපදිංචි හවුල්කාර අලෙවිසැල්වලින් මෙම වට්ටම් සහ විශේෂ දීමනා ලබාගත හැකිය.

මේ අතර එම කාලය තුළදීම ක්‍රෙඩිට් කාඩ්පත් මිලදී ගැනීම් සඳහා මාස 24ක් දක්වා විශේෂ පහසු ගෙවීමේ සැලැසුම් ලබාගත හැකි බැව්ද බැංකුව පවසයි. මෙම පහසු ගෙවීමේ සැලැසුම් ක්‍රම වෙළෙන්දාගෙන් වෙළෙන්දාට වෙනස් වන බැවින්, ඒ පිළිබඳ සියලු තොරතුරු www.combank.lk යන බැංකු වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

කොමර්ෂල් බැංකුවෙන් අවුරුදු සරුසාර කිරීම උදෙසා, කාඩ්පත් හිමියන්ට 50%ක් දක්වා විශේෂ වට්ටම්

advertistmentadvertistment
advertistmentadvertistment