කොමර්ෂල් බැංකුවේ බංග්ලාදේශයේ ශාඛාව ‘CBC Digital’ හඳුන්වා දෙමින් අන්තර්ජාල බැංකුකරණය නව තලයකට ඔසවයි

83

කොමර්ෂල් බැංකුවේ විශාලතම විදේශීය මෙහෙයුම වන කොමර්ෂල් බැන්ක් බංග්ලාදේශ් විසින් බැංකුවේ බහු නාලිකා අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය වන ‘CBC Digital’ හඳුන්වා දෙමින් සිය ගනුදෙනුකරුවන්ට ලබාදෙන අන්තර්ජාල බැංකුකරණ අත්දැකීම තව තවත් නංවා තිබේ.

බැංකුව විසින් 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කළ ‘ComBank Digital’ පද්ධතියට සමාන වන මෙයින් මූලික ගිණුම් තොරතුරු, ගෙවීම් සහ ප්‍රේෂණ, ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට බිල්පත් ගෙවීම් විකල්ප, බහුවිධ ගෙවීම් විකල්ප, සමූහ ගෙවීම් සහ අනිකුත් ඩිජිටල් බැංකුකරණ සේවා මාලාවක් ලබාදීමට බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ සේවා සහ ජංගම අයදුම් ඒකාබද්ධ කර තිබේ.

‘‘CBC Digital’ වෙබ් අයදුමක් මෙන්ම ජංගම දුරකතන අයදුමක් ලෙස භාවිතා කළ හැකි අතර iOS, Android සහ Huawei මෙහෙයුම් පද්ධති සහිත දුරකතන උපකරණ මගින් භාවිතා කළ හැකිවේ. භාවිතා කරන්නාගේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ යහක්‍රමවේද මෙය නිර්මාණය කිරීමේදී භාවිතා කර තිබෙන බව බැංකුව සඳහන් කරයි.

බංග්ලාදේශයෙහි කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල ගනුදෙනුකරුවන් මෙම නව පද්ධතියට එකතු කරන බව බැංකුව පවසයි. මෙමගින් ලැබෙන අනිකුත් වාසි අතර කිසිදු ලියකියවිල්ලකින් තොරව ගනුදෙනුකරුවන්ට මෙම ඇප් පහසුකමේ ස්වයංව ලියාපදිංචි වීමේ හැකියාව, සේවා බිල්පත් සහ කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් හිඟ මුදල් ගෙවීමේ හැකියාව, බැංකුවේ සහ අනිකුත් බැංකුවල ගිණුම් අතර මුදල් ප්‍රේෂණය කිරීමේ හැකියාව සහ ස්ථාවර තැන්පතු විවෘත කිරීමේ සහ මුදල් ලබාගැනීමේ හැකියාව ඇත. මේ තුළින් පරිසරය ආරක්ෂා කිරීමටද දායකත්වයක් ලැබීම කැපී පෙනෙන කාරණයකි.

advertistmentadvertistment
advertistmentadvertistment