කොමර්ෂල් බැංකුව අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 05 ක් පරිත්‍යාග කරයි

170

කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබෙන ජාතික තොරතුරු තාක්ෂණික අධ්‍යාපනික වැඩසටහන යටතේ තවත් අංග සම්පූර්ණ තොරතුරු තාක්ෂණික විද්‍යාගාර 05 ක් රජයේ අධ්‍යාපන ආයතන වෙත පරිත්‍යාග කිරීමට බැංකුව කටයුතු කර තිබේ. මෙහිදී, මෙම ආයතනවල අවශ්‍යතාවය පරිදි ගොඩනැගිලි අළුත්වැඩියා කිරීමටද කොමර්ෂල් බැංකුව පියවර ගෙන ඇත.

බැංකුව විසින් මෙම නවතම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර වල්පිට කුඩාගම්මන මහා විද්‍යාලය, කොටදෙණියාව කරුණාරත්න විද්‍යාලය, තවලම්පිටිය මහා විද්‍යාලය සහ මීරිගම හේනේපොළ විද්‍යාලෝක විද්‍යාලය සහ රාජගිරිය වෘත්තීය පුහුණු අධිකාරියට බැංකුවේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ පරිත්‍යාග කර තිබේ.

බැංකුව විසින් සිදුකළ පරිත්‍යාග වලට පරිගණක, පුටු, ප්‍රින්ටර් සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් ඇතුළත් වූ අතර මෙම ස්ථානවල පැවති තොරතුරු තාක්ෂණික විද්‍යාගාර සමහරක් අළුත්වැඩියා කිරීමට සහ පුළුල් කිරීමටද බැංකුව මුදල් ආයෝජනය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment