කොමර්ෂල් බැංකුව පරිත්‍යාග කළ 300 වැනි පරිගණක විද්‍යාගාරය මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල

0

සේයාරු සටහන –
කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් මහතා, නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා, සහ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සනත් මනතුංග මහතා, බැංකුව විසින් ප්‍රදානය කළ 300 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය නිළ වශයෙන් විවෘත කිරීමේ අවස්ථාවේදී.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ජාතික මට්ටමින් දියත් කර තිබෙන පරිගණක විද්‍යාගාර පරිත්‍යාග කිරීමේ වැඩසටහන සුවිශේෂී සංධිස්ථානයක් පසු කරමින් 300 වන තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය පසුගියදා විවෘත කරන ලදී.

කොමර්ෂල් බැංකුව පරිත්‍යාග කළ 300 වැනි පරිගණක විද්‍යාගාරය මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල

බැංකුවේ ආයතනික හා සමාජ වගකීම් භාරයේ භාරකරුවන් වන කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුහ්සීන් මහතා, නියෝජ්‍ය සභාපති රාජා සේනානායක මහතා, කළමණාකාර අධ්‍යක්ෂ සනත් මනතුංග මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරි නන්දික බුද්ධිපාල මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා යන පිරිස බැංකුව නියෝජනය කරමින් මෙහි ප්‍රතිලාභී පාසල වන මිනුවන්ගොඩ නාලන්දා ජාතික (පිරිමි) පාසලේදී පැවැත්වූ සුවිශේෂී වැඩසටහනට සහභාගී වූහ. කොමර්ෂල් බැංකුව විසින් ප්‍රදානය කරන සෑම තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් ම නවතම පරිගණක හා උපාංග වලින් සමන්විත වේ. මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාර නඩත්තු කිරීම සහ අවශ්‍ය වූ විට වැඩිදියුණු කිරීම බැංකුව විසින් කාලානුරූපී ව සිදුකරයි

advertistmentadvertistment
advertistmentadvertistment