කොමර්ෂල් බැංකුව 2021 වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානය දිනාගනී

70

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරි, එස්. රෙන්ගනාදන් මහතා (වමේ සිට දෙවැන්නා), මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වූ නෝර්වීජියානු තානාපති ඔරසබැ න්‍ද්‍රර්බකස ෑිනැා්ක මෙනෙවියගෙන් සම්මානය ලබාගනී. මෙම සේයාරුවේ (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ සමූහ ප‍්‍රධාන අලෙවිකරණ නිලධාරි හස්රත් මුණසිංහ මහතා, ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති, විෂ් ගෝවින්දසාමි මහතා, කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි, සනත් මනතුංග මහතා සහ සේවා අංශයේ සහකාර සාමාන්‍යාධිකාරි, චින්තක ධර්මසේන මහතා සිටී.

ශ‍්‍රී ලංකාවේ ආයතනික අංශයේ ඉහළම තිරසාර සහ යහපත් ආයතනික පුරවැසි සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරමින් ලංකා වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුව 2021 වසරේ මෙරට ‘හොඳම ආයතනික පුරවැසියා’ ලෙස පසුගිය අඟහාරුවාදා නම් කරන ලදී.

මෙම ගෞරවණීය සම්මානය දිනාගනිමින් ආයතනික අංශයේ ඉහළම නිළධාරීන් සහභාගී වූ උත්කර්ශවත් සම්මාන රාත‍්‍රියකදී කොමර්ෂල් බැංකුව දේශීය ආයතනික අංශයේ තිරසාර ශුරයා ලෙසින් බුහුමනට පාත‍්‍ර විය.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව මෙහිදී එක් එක් අංශ සඳහා ප‍්‍රදානය කරන ලද ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනාගත් අතර ‘අඛණ්ඩ කැපවීම සහ වර්ධනය’ යන ආංශික සම්මාන වලදී ඨදඩැරබ්බජැ’ සහතිකයද දිනාගන්නා ලදී. එසේම, අළුතෙන් හඳුන්වාදුන් සම්මානයක් වූ ‘කොවිඞ්-19 වසංගතයේදී දරාගැනීමේ ක‍්‍රමවේද’ සඳහා බැංකුව දෙවන අනුශුරතාවය දිනාගත් අතර ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතර සිටීම නිමිත්තෙන්ද සම්මානයක් දිනා ගත්තේය.

‘තිරසාරත්වය අපගේ ආයතනික සංස්කෘතියේ පදනම වන අතර අපි විසින් සිදුකරන සියළුම දේ සඳහා එය අදාළ කර ගන්නවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව වීම තුළින් මෙය විදහා දැක්වෙනවා. මේ නිසා, 2021 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානය දිනාගැනීම පිළිබඳව අප අතිශය සතුටට පත් වනවා. සියළුම මට්ටම්වල සේවකයින්ට තිරසාර යහ ක‍්‍රමවේදයන් වෙනුවෙන් පෙරටත් වඩා කැපවීමට මෙම සම්මානය ඉහළ දිරියක් ලබාදෙනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment