කොමර්ෂල් බැංකුව ‘World Class’ ගෝලීය කාර්ය සාධන සම්මානය දිනයි

110

ව්‍යාපාරික විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී (Global Performance Excellence Award) කොමර්ෂල් බැංකුව හැදෑරිය යුතු ව්‍යාපාරික ආකෘතියක් ලෙස ඉහළම ඇගයීමට ලක්වී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නවසීලන්තය පදනම් කරගත් ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනය (APQO) විසින් සංවිධානය කළ 2022 වසරේ ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී‘World Class’ සම්මානය දිනාගත් ජාත්‍යන්තර ආයතන 08 අතර විය.

කොමර්ෂල් බැංකුව වෙත‘World Class’ සම්මානය ලබාදීමට පදනම් වූයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජාතික ගුණාත්මක තත්ත්ව සම්මාන ප්‍රදානෝත්සවය (SLNQA) සඳහා Baldrige විශිෂ්ටතා රාමුව පදනම් කරගනිමින් දැක්වූ විශිෂ්ටත්වය පිළිබඳව ඉදිරිපත් කර තිබෙන කරුණුය. ආසියානු පැසිෆික් ගුණාත්මක ආයතනයේ තරගය සඳහා එම ඉදිරිපත් කිරීම යෝග්‍ය යැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිර්දේශ කර ඇත.

මීට අමතරව, කොමර්ෂල් බැංකුව සිය බැංකු සේවකයින්ට ලබාදුන් පද්ධති ප්‍රවේශය කළමනාකරණය කිරීම වෙනුවෙන් APQO ජාත්‍යන්තර යහ ක්‍රමවේද (AIBP) රන් සම්මානයද දිනාගන්නා ලදී. මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ සේවා, ක්‍රියාවලි හෝ නිෂ්පාදනවල ගුණාත්මක තත්ත්වය අභියෝගාත්මක සමයක වුවද අඩු නොකළ යුතු යැයි අපගේ විශ්වාසයයි. අපගේ කාර්ය සාධනයට බාහිර සාධක බලපෑම් එල්ල කරන විට ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ගෝලීය කාර්ය සාධන විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී උදරකා ක්‍ක්ි අංශයේදී සම්මානයක් දිනාගත් පළමු සහ එකම ශ්‍රී ලාංකේය බැංකුව වීම තුළින් පිළිඹිබු වන්නේ කොමර්ෂල් බැංකු පවුලේ සෑම මට්ටමකම මෙම විශ්වාසය තිබෙන බවයි.’

advertistmentadvertistment
advertistmentadvertistment