කොමර්ෂල් බැංකුව www.combank.lk වෙබ් අඩවිය නවාංග රැසක් සමග භාෂා ත්‍රිත්වයෙන්ම

289

ගනුදෙනුකරුවන් සහ තොරතුරු සොයන්නන් මිලියන ගණනක් ඉතාමත් උනන්දුවෙන් පරිශීලනය කරන කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය අති නවීන වැඩිදියුණු කිරීම් සහ නවාංග සමගින් භාෂා ත‍්‍රිත්වයෙන්ම එළිදැක්වීමට බැංකුව විසින් කටයුතු කර තිබේ.
 
 වැඩිදියුණු කරන ලද කොමර්ෂල් බැංකුවේ නව ආයතනික වෙබ් අඩවිය පරිශීලනය කරන්නෙකුට තමන් කැමතිම භාෂාවෙන් විවෘත කර අවශ්‍ය සේවා ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.
 
 සියළුම ඩෙක්ස්ටොප් පරිගණක වලින්, ජංගම දුරකතන වලින් සහ ටැබ් පරිගණක වලින් මෙම වෙබ් අඩවියට ප‍්‍රවේශ විය හැකි අතර වේගවත්ව සහ පහසුවෙන් බැංකුකරණ කටයුතු කර ගැනීමට ගනුදෙනුකරුවන්ට ඉතාමත් සුවිශාල පහසුවක් නිර්මාණය කර තිබේ.
 
 මෙම වෙබ් අඩවිය නැවත එළි දැක්වීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ සඳහන් කළේය. ‘මෙරට බැංකු අංශයේ තාක්ෂණය පදනම් කරගනිමින් ගනුදෙනුකරුවන්ට පහසුව ඇතිකිරීමේ පුරෝගාමියෙකු ලෙස කොමර්ෂල් බැංකුව පෙන්වා දිය හැකියි. අපගේ වෙබ් අඩවිය නැවත එළිදැක්වීමත් සමග තාක්ෂණය අතින් පමණක් මෙම තත්ත්වය තහවුරු කරන අතරම ඉතාමත් සරලව තේරුම් ගැනීමට හැකි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් සහ ගනුදෙනුකරුවන්ට ඔවුන්ට අවශ්‍ය අන්තර්ජාල අත්දැකීම අප වෙතින් ලබාගැනීමට අවස්ථාව ලබාදෙමින් අපගේ ගනුදෙනුකාර සේවාව වර්ධනය කිරීමට අප කටයුතු කර තිබෙනවා. එසේම, මෙම වෙබ් අඩවිය අළුතින් නිර්මාණය කිරීමේදී විශ්ලේෂණාත්මක සමීක්ෂණ දත්ත අප විසින් ප‍්‍රයෝජනයට ගත්තා. වඩාත් ජනප‍්‍රිය පිටු හඳුනාගැනීමට, ලබාදිය යුතු සේවය පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීමට මෙම සමීක්ෂණ ප‍්‍රතිඵල අපිට වැදගත් වුණා.’ 

advertistmentadvertistment
advertistmentadvertistment