කොම්පෝස්ට් ආනයනය කිරීම සියදිවි හානිකර ගැනීමකි

521

කාබනික පොහොර ආනයනය කිරීමට ගත් තීරණය තාවකාලික අත්හිටුවීමට පියවර ගත් බවට රජය ප‍්‍රකාශ කළද දේශීයව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළ රජය සිතූ පරිදි සාර්ථක නොවීම තුළ යළිත් කාබනික පොහොර ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

2021 මැයි 31 දින කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ස්වාභාවික පෝෂ්‍ය පදාර්ථ සහිත ඛනිජ ලවණ සහ ක්ෂුද්‍ර පදාර්ථ ආනයනය කිරීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

කොම්පෝස්ට් ආනයනය කිරීම සියදිවි හානිකර ගැනීමකි

2021/2022 මහ කන්නයේදී වී වගා කිරීම සඳහා හෙක්ටයාර 500,000 ක් සඳහා අවශ්‍ය කාබනික පොහොර සහ ස්වාභාවික ඛනිජ ලවණ ආනයනය කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලය මේ අනුව අනුමැතිය ලබා දුන්නේය. හෙක්ටයාර 600,000 ක වෙනත් භෝග සඳහා අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට ද කැබිනට් අනුමැතිය හිමි විය.

මේ අනුව 2021 ජූලි 30 දින මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද 2021 අංක 11 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි වලට අනුකූලව, විශේෂිත පොහොර වර්ග පමණක් ආනයනය කිරීමට අවසර දී ඇත. ඒ අනුව විශේෂ බලපත‍්‍ර ක‍්‍රමයක් යටතේ දේශීය කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කිරීමට කාබනික පොහොර ආනයනයට ද අවසර දී ඇත.

ඒ අනුව චීන කාබනික පොහොර මෙටි‍්‍රක් ටොන් 99,000 ක් ආනයනය කිරීම සඳහා රජය ටෙන්ඩරයක් ලබා දී ඇත. මෙහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 63 කි.

ඉදිරිපත් කළ නියැදිය SLSI, NPQD, සත්ව නිරෝධායනය සහ AEA විසින් සිදු කරන ලද අනිවාර්ය පරීක්ෂණද අසමත් වී ඇති බව වාර්තා වේ. සියලූම කාබනික පොහොර වර්ග රටට ඇතුළු වීම සඳහා ඉහත සඳහන් පරීක්ෂණ සමත් විය යුතුය. නමුත් චීන රසායනාගාරයක් මඟින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තාවක් මත පදනම්ව මෙම පොහොර ආනයනයට අවසර දීමට රජය තීරණය කර තිබේ.

නොදන්නා ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් සෑදූ මෙම පොහොර වල අහිතකර ක්ෂුද්‍ර ජීවීන්, රෝග කාරක සහ පසට, ශාකවලට හා මිනිසුන්ට හානිකර රෝග පවා අඩංගු විය හැකිය.

සාම්ප‍්‍රදායික පොහොර මෙන් නොව ආනයනය කරන ලද කාබනික පොහොරවල නොදන්නා සංයෝග බොහෝමයක් අඩංගු විය හැකි අතර ඒවා පසට හා ශාක වලට එකතු වීමෙන් ශාක වර්ධනයට හා මිනිස් සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ලවිය විය හැක.

මෙලෙස ආනයනය කරන කොම්පොස්ට් පොහොර සැකසීම සහ අවසාන නිෂ්පාදනය නියාමනය කිරීම සඳහා පොදුවේ එකඟ වූ ප‍්‍රමිති නොමැත. මෑත කාලීන පර්යේෂණ සොයා ගැනීම් වලින් පෙන්නුම් කෙරෙන්නේ මෙලෙස ආනයනය කරන කොම්පොස්ට් පොහොර මඟින් විෂ සහිත මූලද්‍රව්‍ය හා කාබනික දූෂක පරිසරය සහ ආහාර දාමය හරහා ක්ෂුද්‍ර ජීවී ප‍්‍රතිරෝධක නිර්ණායක ලෙස ක‍්‍රියා කළ හැකි බවයි.

නාගරික ඝන අපද්‍රව්‍ය කොම්පෝස්ට් කිරීම සාමාන්‍යයෙන් අපද්‍රව්‍ය අඩු කිරීමට හා ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමේ උපක‍්‍රමයකි. එම නිසා කොම්පොස්ට් පොහොරවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව දැඩි ලෙස රඳා පවතින්නේ කොම්පෝස්ට් නිපදවීමට භාවිත කරන ද්‍රව්‍යවල ස්වභාවය මෙන්ම අවසාන භාවිතයේ අපේක්ෂිත අරමුණු මත ය.

කොම්පෝස්ට් ආනයන ගැන කථා කරන බුද්ධිමත් පුද්ගලයන් පළිබෝධකයන් බෝවීම වැළැක්වීම සඳහා වෙනත් රටවල් විසින් ගනු ලැබූ පුළුල් නිරෝධායන පියවර ගැන අසා තිබේද? කැලිෆෝනියාවේ පැඟිරි වලින් මධ්‍යධරණී පලතුරු මැස්සා (Drosophila sp.) ඇතුළු වීම වැළැක්වීම? Wheat
Rust (Puccinia sp) බෝවීම වැළැක්වීම සඳහා ඔස්ටේ‍්‍රලියාව පිදුරු හෝ දැව බහා ඇසුරුම් කිරීමට ඉඩ නොදීම? සමහර රටවල් පාවහන් පවා හානිකර පාංශු රෝග කාරක වාහකයන් ලෙස සලකා ඒවාට ඉඩ නොදීම? අප රටේ තත්ත්වය සැලකිල්ලට ගත් කල පොල් කර්මාන්තයට තර්ජනයක් වූ සහ පාලනය කිරීමට මිලියන ගණනක් වැය කළ Coconut Leaf Miner
(Promecotheca cumingii) නම් ව්‍යාප්ත වූ රෝගය, ජාවාරම් කළ ඕකිඞ් ඇසුරුම් කිරීමකින් පැතිරුන බවට සැක කෙරේ (නැතහොත් සිංගප්පූරුවේ හෝ බැංකොක් සිට පැමිණෙන ගුවන් යානා වලින්). පොල්වල මාරාන්තික කහ පැහැය (Cadang Cadang) ඇති කරන බවට සැක කෙරෙන මයිකොප්ලාස්මා රෝගයට ගොදුරු වීම වැළැක්වීම සඳහා අපගේ නිරන්තර අවධානය යොමු කළ යුතුද? තේ වල මූල ගැටැති වට පණු හානිය (Pratylenchus loosi).

සමහර මාරාන්තික හෙල්මින්ත් පරපෝෂිතයන්, ටේප් පණුවන්, වට පණුවන්, ඇමීබියාසිස්, කොලරාව ඇති කරන බැක්ටීරියා, එන්ටරික් යනාදිය සඳහා වගකිව යුතු ජීවීන්ගේ වාහකයක් ලෙස පස ප‍්‍රසිද්ධය. ආනයනය කරන ලද කොම්පෝස්ට් මඟින් ඇති විය හැකි අනතුරු ගැන කිසිවෙකුට සිතාගත නොහැකිය. එක්සත් රාජධානියෙන් ගෙන එන ලද රෝහල් සහ ශල්‍යකර්ම අපද්‍රව්‍ය වලින් පිරී තිබූ කසළ කන්ටේනර් අපට මෙතරම් ඉක්මනින් අමතක වූවාද?

1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතේ රෙගුලාසි ප‍්‍රකාරව කිසිදු පුද්ගලයෙකු විසින් කිසියම් වර්ධනයේ අවධියක පවත්නා වෛරස්, බැක්ටීරියා, දිලීර යනාදී කිසිවක් මෙන්ම, ජීවී කෘමීන්, පක්ෂීන් හෝ වෙනත් සතුන්ද ලංකාවට ආනයනය නොකළ යුතුය. පැළෑටි හා පැළ නිෂ්පාදනය ලංකාවට ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින සාමාන්‍ය අවශ්‍යතා පිළිබඳව දක්වන රීතීන්වලට අනුව ඉහත සඳහන් දෑ ආනයනය කිරීම තහනම් වේ.

මේ අවස්ථාවේ බුද්ධිමත්ව කටයුතු නොකර රජය ඔවුන්ගේ සැලසුම් අනුව චීනයෙන් කොම්පෝස්ට් ආනයනය කිරීම සියදිවි හානිකර ගැනීමකි.

ජනක විතානගේ
පරිසර යුක්ති කේන්ද්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment